යේමනය අසල මුහුදේ යාත්‍රා කළ බෝට්ටුවක් වැටලූ ඇමරිකානු යුද්ධ නැව් දෙකක් පෝර උරවල සඟවා තිබූ මිසයිල ඉන්ධන ටොන් 70ක් සහ යේමන් ජාතිකයන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම බෝට්ටුව ඉරානයේ සිට යාත්‍රා කර තිබේ. සවුදි අරාබියාවට එරෙහිව භාවිතා කිරීම සඳහා මෙම මිසයිල ඉන්ධන ලබාදී ඇති බවට ඇමරිකානු නාවික හමුදාව සැක කරයි. ජෝන් ෂුමස් සහ සුලිවන් නමැති යුද නැව් දෙක මෙම වැටලීම සිදුකර ඇත.