ඇමරිකානු ෂෙල් සමාගම තෙල් සංස්ථාව සමග ගිවිසුම් ගතවෙයි

100

දේශීය ඉන්ධන වෙළෙඳ පොළ විදේශීය ආයෝජකයින් සඳහා විවෘත කිරීමෙන් අනතුරුව ඇමරිකානු සමාගමක් වන ෂෙල් ආර් එම් පාක්ස් (Shell-RM Parks) හා ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම ඉන්ධන ගබඩා කිරීම හා බෙදාහැරීම සඳහා ඊයේ (12 දා) ගිවිසුම් ගතවිය.

කොළොන්නාව, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත ප්‍රධාන කාර්යාලයේ දී මෙම ගිවිසුම් ගතවීම සිදුවිය. මේ අනුව ඇමරිකානු පාර්ක්ස් සමාගමට අයත් ඉන්ධන තොග මෙරට ගබඩා කිරීම හා බෙදා හැරීම ආශ්‍රීත කටයුතු සඳහා ප්‍රතිපාදන සැලසෙනු ඇත.

ඉකුත් 2023 වසරේ ජූලි 8 වැනිදා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම හා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය එක්ව පූර්ව එකඟතා ගිවිසුමකට අත්සන් තැබූ අතර විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතාගේ උපදෙස් මත මෙම ගිවිසුම් ගතවීම සිදුවිය.

චමින්ද සිල්වා


advertistmentadvertistment