ඇමරිකානු සමාගමකින් කොරෝනා ප‍්‍රතිවෛරස් ඖෂධයක්

216

දරුණු ලෙස කොරෝනා ආසාදනයට ගොදුරු වන පුද්ගලයන් මියයෑමෙන් හා රෝහල්ගත වීමෙන් වැළැක්විය හැකි නව බෙහෙත් කරලක් ඇමරිකානු බහුජාතික සමාගමක් විසින් නිපදවා ඇමරිකානු බලධාරීන්ගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මර්ක් සහ සමාගම විසින් නිපදවා ඇති ‘මොල්නුපිරවිර්’නමැති මෙම බෙහෙත් කරල සඳහා අනුමැතිය ලැබුණහොත් එය කොරෝනා ආසාදනයට ප‍්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන මුඛය මාර්ගයෙන් ලබා දෙන ප‍්‍රථම ප‍්‍රතිවෛරස් බෙහෙත බවට පත් වනු ඇත.

මර්ක් සහ සමාගම විසින් සිය කොටස්කාර ආයතනය වන ‘රිජ්බැක් බයෝතෙරපියුටික්ස්’ සමග ඒකාබද්ධව නිපදවා ඇති මෙම බෙහෙත් කරල සඳහා හැකි ඉක්මනින් හදිසි භාවිතය සඳහා ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලබා ගෙන එය ලොව පුරා බෙදාහැරීමට කටයුතු කරගෙන යන බව එම සමාගම් විසින් නිවේදනය කර තිබේ.

මෙම නව කොරෝනා ප‍්‍රතිවෛරස් බෙහෙත යොදාගෙන පුද්ගලයන් 775ක් සම්බන්ධයෙන් සිදු කරන ලද අත්හදා බැලීමේදී හෙළි වී ඇත්තේ දරුණු ලෙස කොරෝනා ආසාදනයට ගොදුරු වී රෝහල්ගත වූ පුද්ගලයන්ට මෙම බෙහෙත් කරල දිනකට දෙවරක් ලබා දුන් පසු දින 29ක කාලයක් රෝහල් ප‍්‍රතිකාර ලැබුවද ඔවුන් මරණයට පත් වීමෙන් වැළකුණු බවයි.

මෙම බෙහෙත් කරල පිළිබඳ පුවත ප‍්‍රසිද්ධියට පත් වීමත් සමගම එය නිපදවූ මර්ක් සමාගමේ කොටස්වල අගය ඉහළ ගොස් ඇති අතර කොරෝනා එන්නත් නිපදවූ සමාගම් දෙකක කොටස්වල අගයන් පහත බැස තිබේ. මේ අතර ඇමරිකානු රජය විසින් මෙම බෙහෙත් කරල් මිලියන 1.7ක් කරලක් ඇමරිකානු ඩොලර් 700 ක් බැගින් වූ මිලකට මිලදී ගැනීමට සැලසුම් කර තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment