කෝටිපතියකු මෙන්ම මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘවරයා ද වන බිල් ගේට්ස් විසින් සිය ට්විටර් ගිණුමේ පණිවිඩ කිහිපයක් පළ කරමින් ඔමික්‍රෝන් වෛරස් ප‍්‍රභේදය නිසා ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා වසංගතය දරුණුම අවධියකට පත් වනු ඇති බව පවසා තිබේ.
පවතින අයහපත් වාතාවරණය හේතුවෙන් තමා සිය නිවාඩු දින සංචාරයන් බොහොමයක් අවලංගු කළ බව පවසා ඇති ගේට්ස් නොසිතු වේගයකින් පැතිරෙන ඔමික්‍රෝන් වෛරස් ප‍්‍රභේදය මාස තුනක පමණ කාලයක් ඇමරිකාවේ පැතිර යනු ඇති බවත් එහි සැබෑ ස්වරූපය හඳුනාගෙන නොමැති නිසා එය දරුණු ප‍්‍රභේදයක් ලෙස සැලකීමට සැවොම පුරුදු විය යුතු බව සඳහන් කර තිබේ.