ඇමරිකාවේ ප්‍රාන්ත කීපයක සිදු වූ වෙඩි තැබීමකින් 16ක් මියගොස් 58ක් තුවාල ලබා ඇත.
අලුතින්ම වාර්තා වී ඇත්තේ ටෙනනීස් ප්‍රාන්තයේ රාත්‍රී සමාජ ශාලාවකට වෙඩි තැබීමෙන් තිදෙනකු මියගොස් 11ක් තුවාල ලබා ඇත.
මෝටර් රියකින් පැමිණි සහාසිකයන් පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. මේ හැර නිව්යෝර්ක්, බෆලෝ, ටෙක්සාස්, මේරිලන්ඩ් යන ප්‍රාන්තවල ද වෙඩි තැබීම් සිදු වී ඇත.
ඇමරිකාව තුළ ක්‍රියාත්මක වන අවි ආයුධ සමාජ නිසා අවි ආයුධවලට එරෙහි නීතිරීති පැනවීමට නොහැකි වී ඇත.
ජනපති ජෝ බයිඩන් අවි ආයුධ පාලනය කරන බව පැවසුවත් මෙතෙක් ඊට අදාළ නීතිරීති ගෙන ඒමට ක්‍රියාකර නොමැත.
මෙයට පෙර ද ඇමරිකාවේ වෙඩිතැබීම් රැසක් සිදු වූ අතර අවි ආයුධ පාලන නීතිරීති ගෙන එන බව රජය පවසා තිබිණි.
|