ඇමැතිලා ගහන පද නිසා දවසින් දවස මරණ වැඩිවෙනවා

922

බලයට එන්න පෙර වෘත්තිය සමිති හොඳයි බලය ලබාගත්තම වෘත්තිය සමිති හොඳ නැතැයි කියන න්‍යාය එතරම් සුදුසු නැතැයි එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (15 දා) පැවසූහ.

අද ආණ්ඩුවේ වැඩි පිරිසක් බලයට එන්න උදව් කරපු පිරිස් හොද්දට දාපු කරපිංචා කොළ වැනි තත්ත්වයට පත්කර සිටින බවත් උන්වහන්සේ පැවසූහ. ඇමැතිල ගහන පද නිසා දවසෙන් දවස මරණ වැඩිවෙනවා යැයිද පැවසූ උන්වහන්සේ මෙසේද වැඩිදුරටත් කීහ.

ආණ්ඩුව බලයට එන්න පෙර වෘත්තීය සමිති පිටුපස වැඳ වැඳ ආවා. අද වෘත්තීය සමිති අරහං. කොරෝනා මර්දනය කරන්න හිටි හොඳ නිලධාරීන් මාරු කළා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයට දැන උගත් බුද්ධිමත් අයගේ මතයට මේ අය ඇහුන්කන් දෙන්නේ නැහැ. හිතාගෙන ඇති තුනෙන් දෙක හැමදාම තියෙයි කියලා.

සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයට අද කොරෝනා වසංගතයට මුහුණ දෙන්න බැරිව කඩා වැටෙමින් පවතිනවා. වෛද්‍යවරුන්ගේ සිට කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයා දක්වා රෝගයට ගොදුරුවෙමින් සිටිනවා. මම අද මාධ්‍ය හමුවක් පවත්වලා විශේෂඥයන්ගේ කීමට මේ බලධාරීන් ඇහුන්කම් දෙන්නේ නැත්නම් ස්වයංව නිවෙස්වල රැුඳී සිටින්න කියලා ඉල්ලා සිටිනවා. අද ඇමැතිවරු ප‍්‍රාණඇපයට අරගෙන තියෙන විදිහටයි වැඩ කරන්නේ. මෙහෙම රටක් ගෙනියන්න බැහැ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment