ඇමැති ජීඑල් ඉන්දීය විදේශ ඇමැති හමුවේ

34

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරතව සිටින විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (07) ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හමුවී ඇත.

නවදිල්ලි නුවර පිහිටි එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේදී එම ද්විපාර්ශ්වික සාකච්ඡාව පවත්වා ඇති අතර මෙම සාකච්ඡාවේදී ද්විපාර්ශ්වික සබඳතාවලට අදාළ කරුණු රැසක් පිළිබඳව සාකච්ඡාවට ලක්කර තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමඟ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන ශ්‍රින්ග්ලා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද විදේශ අමාත්‍ය පීරිස් මහතා සමග ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment