ඇමැති බැසිල්ගේ දූෂිත කි‍්‍රයා නිසා රට අගාධයට යනවා… අල්පිටිය සභාව මැද ගාලගෝට්ටියක්

457

වත්මන් රජයේ මුදල් අමාත්‍යවරයාගේ අත්තනෝමතික දූෂිත කි‍්‍රයා කලාපය හෙළා දැකීම, ඉන්ධන සහ ගෑස් හිඟය, ජීවන බර ඉහළ යෑම ඇතුළු ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති දුෂ්කරතාවලට විරෝධය දැක්වීම සඳහා ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂ මන්ත‍්‍රීවරු කළුපටි පැළඳ සටන් පාඨ කියමින් සභා ගැබට ඇතුළු වී විරෝධය දැක්වූහ.

සභා රැස්වීම සභාපති ගුණසේන පොන්නම්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (08 දා) ප‍්‍රා. සභා රැස්වීම් ශාලාවේදී පවත්වන ලදී.

එහිදී විශේෂ ප‍්‍රකාශයක් කළ විපක්‍ෂ නායක භාතිය ලියනාරච්චි මහතා, ‘ඇලඩින්ගේ පුදුම පහන ලෙස හැඳින්වූ මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂගේ අත්තනෝමතික දූෂිත කි‍්‍රයා කලාපය නිසා අද රට අගාධය කරා ගමන් කරනවා. 05 වෙනිදා සිට විදුලිය අඛණ්ඩව දෙන බවට පුරසාරම් දෙඩුවත්, අද ඒවා පුස්සක් වෙලා’ යැයි පැවසීය.

විරෝධතා පෝස්ටර් සහ බැනර් සභාව තුළ ප‍්‍රදර්ශනය කරමින් විරෝධතාවය පළකළ මන්ත‍්‍රීවරුන් සහ වරියන්, ‘රටම අඳුරේ – ආණ්ඩුව නිදි, තෙල්, විදුලිය, කිරිපිටි වාසි අද නොවේ හෙට, ආණ්ඩුවට බාලගිරි දෝෂය, පාස්පෝට් හොරා යවා හඟුරන්කෙත හොරා ගනී’ යනුවෙන් විරෝධතාවයේ නිරත වූ මන්ත‍්‍රීවරු සහ වරියන් ඉන් අනතුරුව සභා රැස්වීමට සහභාගී වූහ.

විපක්‍ෂ මන්ත‍්‍රීවරු සහ මන්ත‍්‍රීවරියන් දැක්වූ විරෝධතාවට රෙහිව සභාපති ඇතුළු පාලක පක්‍ෂයේ මන්ත‍්‍රීවරු ඝෝෂා නැඟීම නිසා සභාව තුළ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ඇල්පිටිය – විදාන ආරච්චි කීර්තිරත්න


advertistmentadvertistment