මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ගෙන ඇති අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
පසුගිය 07 වැනිදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධව රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය සහ විධායක සභාව ඒකාබද්ධව රැස්වී එම තීරණය ගත් බව පැවසූ මහ ලේකම්වරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ පක්ෂයේ විනය මණ්ඩලය විසින් ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස දේශපාලන මණ්ඩලය විසින් අනුමත කළ බවයි. පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීම පක්ෂයේ විනයට පටහැනි බව එම පක්ෂයේ විනය මණ්ඩලය විසින් තීරණය කර ඇත.
‘දිවයින ඉරිදා සංග්‍රහය’ සමග වැඩිදුරටත් අදහස් දක්වමින් මහ ලේකම්වරයා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කර ජාතික කැඳවුම්කරු යනුවෙන් නව තනතුරක් ඇතිකළ බවත්, ඉදිරි මැතිවරණ මෙහෙයුම් කටයුතු සඳහා ඇතිකළ එම තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පත්කළ බවත්ය.
එරික් ගාමිණී ජිනප්‍රිය