ඇමැති 23ක ගෙන් මිලියන 3.5ක ජල පොල්ලක්

122

අමාත්‍ය නිල නිවාස සඳහා ලබා දී ඇති ජල සම්බන්ධතා 23කින් අයවිය යුතු රුපියල් මිලියන 3.5ක මුදලක් ඉකුත් වර්ෂය (2023) අවසන් වන විට ද අයකර ගැනීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් කටයුතු කර නොමැති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙකී මුදල දිගු කාලීනව හිඟව පවතින බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. අදාළ පාර්ශ්වයන්ගෙන් අයවිය යුතු මුදල් අය කර ගැනීම සඳහා ප්‍රමාණවත් හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බැව් විගණනය මගින් නිර්දේශ කර ඇත.

මේ පිළිබඳ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ මියගිය මහජන නියෝජිතයන්ගෙන් අයවිය යුතු හිඟ මුදල් අයකර ගැනීමට නොහැකි බවට පාර්ලිමේන්තු මහලේකම්වරයා දන්වා ඇති බවය.

මහජන නියෝජිතයන්ගෙන් හිඟ මුදල් අයකර ගැනීමේ දී සාමාන්‍ය පාරිභෝගිකයන් ලෙස සලකා හිඟ මුදල් අය කර ගැනීමට කටයුතු කිරීමට ද මණ්ඩලය තීරණයක් ගෙන ඇත.

හිඟ මුදල් නොගෙවන ස්ථානවල ජල සැපයුම් විසන්ධි කරන ලෙස වාණිජ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බව ද කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment