ඩොලර් මිලියන 1.4ක බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාවලට අැමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ පුත් හන්ටර් බයිඩන් අද වරදකරු බව පිළිගෙන ඇත.
ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණයකදී අද ජූරි සභිකයින් නඩු විමසුම අරඹන විටම හන්ටර් බයිඩන් තමන්ට එරෙහිව ඇති චෝදනා 9ටම වැරදිකරු බව පිළිගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව 54 හැවිරිදි හන්ටර් බයිඩන් ට වසර 17ක සිර දඩුවමක් සහ ඇමෙරිකානු ඩොලර් 450,000 දඩයක් නියමවීමේ හැකියාවක් පවතින බවත් දඬුවම් නියම කිරීමේ දී ඔහු වරද පිළිගැනීමත් විශේෂිතව සලකා බැලීමට ඉඩ ඇති බවත් සඳහන්ය.ඊට අදාල තීන්දුව දෙසැම්බර් මස 16 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.