ඇමෙරිකානු යානාවකින් දැමූ බෝම්බයෙන් සිරියානුවන් 80ක් මරුට

422

මියගිය පිරිස අතර වැඩි පිරිසක් කාන්තාවන් සහ ළමයි

සිරියානු මිනිසුන්, කාන්තාවන් සහ ළමුන් 80කට අධික සංඛ්‍යාවක් ඇමෙරිකානු එෆ් 15 ගුවන් ප‍්‍රහාරයකින් මරුමුවට පත් වූවත් එම සිද්ධිය වසන් කර ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත හෙළි කර ඇත.

 මෙම සිවිල් වැසියන්ට ප‍්‍රහාර එල්ල කර ඇත්තේ ත‍්‍රස්තවාදී සටන්කරුවන් යැයි හඳුන්වමිනි.

 සිරියාවේ බග්සුන් නගරය අසල ගං ඉවුරක සිටි එම සිවිල් වැසියන්ට එකී යානාවෙන් බෝම්බයක් පතිත කර ඇත. බෝම්බයෙන් ගැලවුණු පිරිසකටද යළි බෝම්බ දමා තිබේ. මේ යුද අපරාධය ඇමෙරිකාව වසන් කර ඇත. පතිත වූ බෝම්බයෙන් 80 ක් මියගිය බව ඇමෙරිකානු අණදෙන මධ්‍යස්ථානය පිළිගෙන තිබේ. මේ ගැන ඇමෙරිකානු බලධාරීන් පැවසූවේ සටන් කාමීන් 16 ක් සහ සිවිල් වැසියන් සිව් දෙනෙක් මියගිය බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment