ඇමෙරිකානු හමුදා සැප්තැම්ර් 11 ඇෆ්ගනිස්තානයෙන් පිට වෙති – රජය සහ හමුදාව බිඳ වැටෙන බවට සැකයක්

342

 ලබන සැප්තැම්බර් 11 දා ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකානු සේනාංකය ඉවත් වීමෙන් පසු කාබුල් ගුවන් තොටුපළේ ආරක්ෂාව සඳහා 650ක භට පිරිසක් රඳවා තැබීමට ඇමෙරිකානු රජය තීරණයකර ඇත.
 
 මෙම ඇමෙරිකානු භට පිරිස කාබුල්හි  ස්ථානගතකර ඇත්තේ තුර්කි හමුදාව පැමිණෙන තුරුයි. මේ අතර ඇමෙරිකානු හමුදා පිටව යෑමෙන් පසු ඇෆ්ගන් රජය සහ හමුදාව බිඳ වැටෙනු ඇතැයි සැක මතු වී ඇත.
 
 මේ වනවිට ඇෆ්ගනිස්තානයේ සිටින ඇෆ්ගන් භාෂා පරිවර්තකයන් ඉවත්කර ගැනීමට ඇමෙරිකානු රජය කි‍්‍රයාකර තිබේ. ඇෆ්ගන් ජනපති අෆ්රොප් ගානි සහ ඇමෙරිකානු බලධාරීන් අතර සාකච්ඡා ධවල මන්දිරයේදී පවත්වා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment