ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට අධ්‍යාපන දෙපාර්තමේන්තුව වසා දැමීමේ විධායක නියෝගයකට අත්සන් කර ඇතැයි විදෙස් තොරතුරු වාර්තා කර තිබේ .
මෙම විධායක නියෝගයට අත්සන් තැබීමේ අවස්ථාවට ඔහුගේ අධ්‍යාපන ලේකම්වරිය වන ලින්ඩා මැක්මැහෝන් පරිපාලනයට සම්බන්ධ පිරිසක් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනෙක් සහභාගී වී තිබේ .
මෙය කොන්සවර්ටිව් මතධාරීන්ගේ ද දිගු කාලයක සිට තිබු බලාපොරොත්තුවක් ලෙස කියැවේ . තමන් යළි බලයට පත් වුවහොත් වහාම යළි ක්‍රියාත්මක කරන බවට ට්‍රම්ප් මැතිවරණ පොරොන්දුවක් ද දී ඇත .
රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව ද අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනවශ්‍ය වියදම් පිළිබඳ ට්‍රම්ප් දැනුවත් කර තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව නමින් විශේෂ දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කර ඇති ආයතනය “ඩොජ්” ලෙස හඳුන්වනු ලබයි.ලොව අංක එකේ බිලියනපති වන ඉලෝන් මස්ක්එහි ප්‍රධානියාය .