අදාළ වෘත්තීය සමිතිය විසින් සිය සාමාජිකයන් අතර පැවැත්වූ ඡන්ද විමසීම් දෙකකදී රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය සාමාජිකත්වයේ තරමක සහයක් පවතින බව අනාවරණය වුවද පසුගියදා පැවැත්වූ සිය සමිතියේ සාමාන්‍ය සාමජිකයන් අතර පැවැත්වූ ඡන්ද විමසීමේදී ට්‍රම්ප්ට හෝ ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂිකා උප ජනාධිපතිනි කමලා හැරිස්ට සාමාජිකත්වයේ නිශ්චිත සහයක් නොමැති බව අනාවරණය වූ බව එම වෘත්තීය සමිතිය පවසයි.
කිසිදු අපේක්ෂකයෙකුට සිය සහය නොදීමට ‘ඉන්ටනැෂනල් බ්‍රදර් හුඩ් ඔෆ් ටීම්ස්ටාර්ස්’ වෘත්තීය සමිතිය විසින් ගෙන ඇති තීරණය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ කමලා හැරිස්ගේ මැතිවරණ ව්‍යාපාරයට වන අතර එළඹෙන ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා වැඩකරන පන්තියේ ඡන්ද ලබා ගැනීමට එම මැතිවරණ ව්‍යාපාරය විසින් දැරූ ප්රයත්නය එම තීරණයත් සමගම බොඳ වී යෑම මෙයට හේතුව බව විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ වුවද අදාළ වෘත්තීය සමිතියේ ඇතැම් කලාපීය මණ්ඩල පවසා ඇත්තේ මිචිගන්, විස්කොන්සින්, නෙවාඩා හ කැලිෆෝනියාවේ සිය සාමාජිකයන් මීළඟ ජනාධිපතිවරණයේදී ඩිමොක්රටික් අපේක්ෂිකා කමලා හැරිස්ට සහය දක්වනු ඇති බවයි.