විසි වසරක් තිස්සේ ඇමෙරිකානු සහ නේටෝ බළකායත් ඇෆ්ගනිස්තානයේ බග්ග‍්‍රම් ගුවන් කඳවුර පාලනය කරනු ලැබීය. එහෙත් මේ සතියේ දිනෙක ඇමෙරිකානු හමුදාව බග්ග‍්‍රම් කඳවුරේ විදුලි පහන නිවා දමා පිටව ගියහ. ඇෆ්ගනිස්තානයේ පිහිටි විශාලතම ගුවන් කඳවුර බග්ග‍්‍රම්ය. මේ ගැන ඇෆ්ගන් හමුදා ජනරාල් මීර් කොනිස්හානි පැවසුවේ ඇමෙරිකානු හමුදාව තමන්ට නොකියා රටින් පිටව ගිය බවයි. ඇෆ්ගනිස්තානය වසර ගණනක් තිස්සේ ඇමෙරිකානු සී. අයි. ඒ සහ රුසියානු කේ. ජී. බී. බුද්ධි සේවාවල කේන්ද්‍රස්ථානය විය.
කේ. ජී. බී බුද්ධි සේවාව සම්බන්ධ ස්පෙට්නාස් විශේෂ බළකාය ඇෆ්ගන් ජනපති මැඳුරට කඩාවැදී ජනපති අමීන් ඝාතනය කරනු ලැබීය. තාලිබාන් ත‍්‍රස්තයන් ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමත් සමගම එක්සත් ජාතීන්ගේ සංකීර්ණයේ ආරක්‍ෂාව පතා සිටි ජනපති ඩාවුඞ් එළියට් ඇඳගෙන අවුත් විදුලි කණුවක එල්ලා මරා දැමීය. පසුව ඇමෙරිකානු සහ නේටෝ බළකාය එකතු වී තාලිබාන් බලය බිඳ දැමීය.
එහෙත් අද සිදු වී ඇත්තේ කුමක්ද? ඇමෙරිකාව දකුණු වියට්නාමයෙන් ඉවත් වූ අයුරින් ඇෆ්ගනිස්තානයෙන් ද ඉවත් වීමයි. මේ නිසා ඇෆ්ගන් රජයේ නිලධාරීන් සහ භාෂා පරිවර්තකයන් මෙන්ම ඇමෙරිකානු පාලනයට උදව් කළ සිවිල් ජනතාව මහත් භීතියකට පත්ව ඇත.
ඇමෙරිකානු සහ නේටෝ බළකාය ඇෆ්ගනිස්තානයෙන් පිටව යෑම යනු ඇෆ්ගනිස්ථානය ත‍්‍රස්තවාදීනට පාවාදීමකි. ඇමෙරිකානු හමුදාව බග්ග‍්‍රම් ගුවන් කඳවුරින් පිටව යෑමත් සම`ග ඇෆ්ගන් භටයන්ද කඳවුර අත්හැරදමා තිබේ. ඇමෙරිකානු බළමුළුව බග්ග‍්‍රම් කඳවුරෙන් පිටවීමත් සමගම කොල්ලකරුවන් පිරිසක් සෙබළුන් සිටි බැරැුක්ක වෙත කඩා වැදී කොල්ල කෑම්වල නිරත වී ඇත. මේ අතර ඇමෙරිකාව දක්වන්නේ කාබුල් ගුවන් තොටුපළේ ආරක්‍ෂාව තුර්කි බළකායකට පැවරෙන බවයි.
එහෙත් ඇමෙරිකානුවන් සිදු කළේ ඇෆ්ගනිස්ථානය බන්දේසියක තබා තාලිබාන් ත‍්‍රස්තයන්ට පිරිනැමීමකි. මෙයට පෙර තාලිබාන් ත‍්‍රස්ත පාලනය යටතේ දැරියන්ට පාසල් අධ්‍යාපනය තහනම් විය. රූපවාහිනී යන්ත‍්‍ර විනාශ කෙරුණි. සංගීත භාණ්ඩ වාදනය තහනම් කෙරිණි. පරෙවියන් ඝාතනය විය. බාමියන් නැමැති ෙඓතිහාසික බුද්ධ ප‍්‍රතිමා වහන්සේද විනාශ කෙරුණි.
මේ අතර සැප්තැම්බර් 11 දා ඇමෙරිකානු හමුදාව ඇෆ්ගනිස්තානයෙන් පිටවේ. මේ ගැන හිටපු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පැවසූවේ ජෝ බයිඩන් දුර්වලයකු බවයි. මෙම පසුබිම මැද ඇමෙරිකානු හමුදාව පිටවීමත් සමගම ඇෆ්ගන් ජනපති අහ්මද් කරාසිගේ රජය සහ හමුදාව ඇඳවැටෙන බව විදේශ මාධ්‍ය කියා සිටී.
එහෙත් ඇෆ්ගනිස්තානය තුළ මතු වී ඇති බියකරු අර්බුදය ගැන ජනපති ජෝ බයිඩන් අවධානය යොමුකර නැත. විදේශ මාධ්‍ය දක්වන්නේ වසර ගණනකට පෙර දකුණු වියට්නාමයේ සයිගොන් අගනුවරින් ඇමෙරිකානු හමුදා පිටවීමට සූදානම් වූ අවස්ථාවේ තානාපති කාර්යාලය වෙත කඩා වැදුණු ජන සමූහයට සමාන ජනතාවක් කාබුල්හි ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙත පැමිණීමට ඉඩ ඇති බවයි. මේ නිසා කාබුල් නගරයේ ජනතාව ජීවිතයත් මරණයත් අතර තත්ත්වයකට මුහුණ පා තිබේ. මේ අතර ඇමෙරිකානු අධ්‍යයන මණ්ඩලයක සේවය කරන ලූතිනන් කර්නල් ඩැනියෙල් ඬේවිඞ් පැවසූවේ ඇමෙරිකාවට ඇෆ්ගනිස්තානය අහිමිවීම නිසා ත‍්‍රස්තවාදීන්ට ඇෆ්ගනිස්තානය පාරාදීසයක් වී ඇති බවයි. ඇමෙරිකානු බෘක්ලයින් ආයතනයේ ඩැනියෙල් බයිටන් සඳහන් කළේ ඇෆ්ගනිස්තානයෙන් විදේශ හමුදා ඉවත් වීම ත‍්‍රස්තවාදීන්ට නිදහසේ කටයුතු කිරීමට හැකි වන බවයි. ඇෆ්ගනිස්තානය තුළ සිටින ඇමෙරිකානු හමුදාවෙන් සියයට 90 ක් මේ වනවිට පිටව
ගොස් ඇති අතර බග්ග‍්‍රම් ගුවන් කඳවුරෙන් ඇමෙරිකානු හමුදාව පලායෑම තුළින් තහවුරු වූයේ උපායමාර්ගික කඳවුරක් ඇමෙරිකානු හමුදාවට අහිමි වීමයි.
මේ පසුබිම මැද ඇෆ්ගනිස්තානය යළි ත‍්‍රස්තවාදීන්ට නතුවීම තුළින් අල්කයිඩා, අයිසිස් සහ ජිහාද් ත‍්‍රස්ත කණ්ඩායම්වලට නැඟී සිටීමට ඉඩ ලැබේ. එය අග්නිදිග ආසියාවේ රටවල්වලට ද එල්ල වූ තර්ජනයකි. මෙය පාකිස්තානය, ඉන්දියාව, බංගලදේශය, ශ‍්‍රී ලංකාව, මාලදිවයින ඇතුළු රටවල්වලට එල්ල වේ. ඇමෙරිකානු බලධාරීන් කාබුල් ගුවන් තොටුපළේ ආරක්‍ෂාව තුර්කි බළමුළුවකට පැවරීමට තීරණය කර ඇතත් තුර්කි හමුදාවට කාබුල් රැකගත හැකිද?
ත‍්‍රස්තවාදී සංවිධානවලට ආධාර කරන රටවල් දෙකක් මැද පෙරදිග වේ. ලෙබනනය තුළ හාමාස් සංවිධානය සිටින අතර අයිසිස් සංවිධානය බියක් දක්වන්නේ ඊශ‍්‍රායලයට පමණකි. මෙවන් පසුබිමක් මැද සැප්තැම්බර් 11 දායින් පසු මැද පෙරදිග දේශපාලන තත්ත්වය අරාජිත වීමට ඉඩ තිබේ. තාලිබාන් නායකයන් දැනටමත් තර්ජනයක් එල්ල කරමින් ඇෆ්ගනිස්තානය අවට රටවල ඇමෙරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමට ඉඩ නොදෙන බව පවසා ඇත.
එවන් පසුබිමක් මැද ඇෆ්ගනිස්තානය තාලිබාන් පාලනයට නතුවුවොත් අග්නිදිග ආසියාවේ රටවල් රැසකට එල්ලවන තර්ජනයට ප‍්‍රතිචාර දැක්වීමට එම රටවල්වලට හැකිවේද? එසේම ඇෆ්ගනිස්තානය තුළ යළි කැලෑ නීතිය රජවේ. ස්ත‍්‍රීන්ට ගල්ගසා මැරීම, අත් පා කැපීම, වැනි ක‍්‍රියා ප‍්‍රසිද්ධියේ සිදුවේ. තාලිබාන් යනු මිලෙච්ඡු පිරිසකි. ඔවුන් මානව හිමිකම් ගැන තැකීමක් නොකරයි. මානව හිමිකම් කවුන්සිලයද කිසිදු ත‍්‍රස්ත අපරාධකරුවකුට එරෙහිව පියවරක් ගෙන නැත. ඇමෙරිකාව විසින් ඇෆ්ගන් යුද්ධයට අති විශාල ධනස් කණ්ඩයක් වැය කරනු ලැබීය. එරටින් පිටව යන අවස්ථාවේ 17000කට අධික උපකරණ විනාශ කෙරුණි.
මෙලෙස විනාශ වූයේ ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් නොවේද? අලූත්ම වාර්තාවක දැක්වෙන්නේ බර අවි 900ක් සහ සන්නද්ධ වාහන රැුසක් තාලිබාන් ත‍්‍රස්තවාදීන් විසින් අල්ලාගෙන ඇති බවයි. මේ අතර ඇෆ්ගන් හමුදා භටයන් 300කට අධික සංඛ්‍යාවක් තජිකිස්තානයට පැන ගොස් ඇත. මේ නිසා වසර
ගණනකට පෙර බල සම්පන්න ඇමෙරිකානු හමුදාව වියට්නාමයෙන් ඉවත් වූ අයුරින් මෙවර ඇෆ්ගනිස්තානයෙන් පිටව යෑම ලෝක පොලිස්කාරයාගේ බිඳවැටීමක් බව තහවුරු වේ.
මෙවන් පසුබිමක් මැද ඇෆ්ගන් යුද්ධයේ ඉතිහාසය විමර්ශනය කළ යුතුයි.
2009 සිට 2020 දක්වා මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 38000 කි.
තුවාල ලත් සංඛ්‍යාව 70000
අවතැන් වූ සංඛ්‍යාව 395800
මියගිය විදේශ හමුදා භට පිරිස 2400කට අධිකය
තුවාල ලත් සංඛ්‍යාව 20700
මියගිය බි‍්‍රතාන්‍ය සෙබළුන් සංඛ්‍යාව 455
ඇෆ්ගන් යුද්ධය සඳහා ඇමෙරිකාව දැරූවිය දම ඩොලර් බිලියන 776කට අධිකය. ඊට අමතරව යුද්ධය නිසා විනාශ වූ ඇෆ්ගනිස්තානය ගොඩනැ`ගීමට තවත් ඩොලර් බිලියන 197.3 ක් වැය විය. 2001 දී තාලිබාන් ත‍්‍රස්ත සංවිධානය පලවාහැරීමෙන් පසු මේ වනවිට මිලියන 9.7ක ළමුන් පාසල් යති. ඉන් සියයට 42ක් ගැහැනු ළමුන්ය.
ඇෆ්ගනිස්තානය තුළ පාසල් 18000 ක්ද ක‍්‍රියාත්මක වේ. එසේම ඇෆ්ගන් පාර්ලිමේන්තුව තුළ මන්ත‍්‍රීවරියන් 68ක් සිටිති.
එහෙත් පසුගිය කාලය තුළ මන්ත‍්‍රීවරියන් පොලිස් නිලධාරිනියන් රූපවාහිනි නිවේදිකාවන් ද තාලිබාන් ත‍්‍රස්තවාදී විසින් ඝාතනයකර ඇත.
මෙවන් තත්ත්වයක් මත ලබන අගෝස්තු 31 දායින් පසු ඇෆ්ගනිස්තානයේ තත්ත්වය අවිනිශ්චිතය. අගමැති අහ්මද් කරාසිට නිදහසේ ජීවත් විය හැකිද? එසේත් නැත්නම් තාලිබාන් ත‍්‍රස්තයන් විසින් ඝාතනය කරයි ද යන්න සැකයකි. කෙසේ වෙතත් ඇමෙරිකාව සිදු කළේ මහා පාවාදීමකි. රුසියාව සහ ඇමෙරිකාව මැදිහත්වී ඇෆ්ගනිස්තානය වනසා දැමීය. එහි ප‍්‍රතිඵලය වූයේ තාලිබාන් නමින් ත‍්‍රස්තයන් පිරිසක් බිහිවීමයි. එම තත්ත්වය මත ඇෆ්ගනිස්තානයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ඇතිවේද? මේ අතර ඇෆ්ගනිස්තානයේ කටයුතුවලට ඇමෙරිකාව මැදිහත් වීමෙන් මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය විය. සිවිල් වැසියන් දහස් ගණනක් මරුමුවට පත් වී තිබේ. ඇමෙරිකානු හමුදා භටයන්ට එල්ල වූ බිහිසුණු යුද අපරාධ ද වසන් කෙරුණි. අපේ කිසිදු භටයෙක් ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යෑම ඉඩ නොදෙන බව ඇමෙරිකානු රජය තර්ජනය කරමින් ජාත්‍යන්තර අධිකරණයේ විනිසුරුවන්ට සම්බාධක පනවනු ලැබීය. එවන් පසුබිමක් මැද ඇමෙරිකානු රජය ඇෆ්ගන් ජනතාව ත‍්‍රස්තවාදින්ට පාවාදීමට ක‍්‍රියා කළේය.
කීර්ති වර්ණකුලසූරිය