ඇමෙරිකාව කළ කුරිරු විහිළුවක් ගැන චෝදනාවක්

6885

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඇමෙරිකානු තානාපති කාර්යාලය කුරිරු විහිළුවක් කළ බව ශ්‍රී ලංකා සංචාරක සන්ධානයේ සභාපති මලික්.ජේ. ප්‍රනාන්දු මහතා පවසයි.යාන්තමට හිස ඔසවාගෙන පැමිණි මෙරට සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලය අනාරක්ෂිත බව සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය සංචාරක කර්මාන්තයෙන් දිවි ගෙවන ලක්ෂ 50 පමණ ජනතාවකට සෘජුවම බලපා ඇතැයිද සඳහන් කරයි.විදේශිකයින් සම්බන්ධයෙන් ආරක්ෂාව ගැන රජයට දැනුම් දී ඇත්නම් සහ ආරක්ෂක අංශ ඒ සම්බන්ධයෙන් පියවර ගෙන ඇතිවිට මෙවැනි නිවේදනයක් ප්‍රසිද්ධ කිරීමේ අරමුණ කුමක්දැයි විමසන බවද පවසයි.නැගෙනහිර සහ දකුණු මුහුදු තීරයේ අයිස්ක්‍රීම් කමින් සිනහා සෙමින් හැසිරෙන විදේශිකයින් දැක ඔවුනට අනතුරු ඇගවීමක් කර මෙරට සංචාරක කර්මාන්තය අඩපණ කිරීමට ඔවුනට යම් අවශ්‍යතාවක් තිබෙන්නට ඇතැයිද ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


advertistmentadvertistment