ඇමෙරිකාව පලා යනවිට රුසියාව – චීනය කාබුල් ඇල්ලීම

1093

ඉකුත් ඉරිදා චිනුක් ‘වර්ගයේ හෙලිකොප්ටරයක් කාබුල්හි පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ වහලයට ගොඩබසින විට බොහෝ දෙනකුට සයිගොන් බිඳවැටීම මතක් විය. ‘‘මේ ජෝ බයිඩන්ගේ සයිගොන්” යනුවෙන් රිපබ්ලිකන් සම්මේලනයේ සභාපති එලීස් ස්ටෙෆනික් ට්විටර් පණිවුඩයක් මගින් ස`දහන් කර තිබිණි. ‘‘මෙවැනි ජාත්‍යන්තර තලයේ විනාශකාරී අසාර්ථක වීමක් කිසිදා අමතක කළ නොහැක.” යනුවෙන්ද ඇය පවසා තිබිණි. වියට්නාමයෙන් එක්සත් ජනපද හමුදාව ඉවත් කර වසර දෙකකට පසු සයිගොන් බිඳවැටීම සිදු විය. කාබුල් නගරයෙන් ඇමෙරිකාව සම්පූර්ණයෙන්ම ඉවත්වීම අගෝස්තු 31 වැනිදා දිනයේ නියමිතව තිබූ අතර නමුත් අගෝස්තු 15 වැනිදා කාබුල් ජනපති මන්දිරයේ තලේබාන් නායකයෝ වාඩිවී ඉස්ලාමික එමීරය ප‍්‍රකාශයට පත්කළහ.

ඇමෙරිකාව පලා යනවිට රුසියාව - චීනය කාබුල් ඇල්ලීම

තලේබාන් සංවිධානය යටතේ කාබුල් ආරක්ෂිත යැයි රුසියාව පවසයි. චීනය කාබුල් බලය තලේබාන්වරුන් අතට පත්වීම ගැන උරණ වන්නේ නැත. ඔවුන් ප‍්‍රසිද්ධියේම තලේබාන් ආණ්ඩුවට සහය පල කරති. මෙයට හේතුවන්නේ කවරක්ද? පාකිස්තානයේ නතර වී ඇති චීන සේද මාවත කෙලින්ම කාබුල් හරහා මධ්‍යම ආසියාවට ගෙන යෑමට අවශ්‍ය වාතාවරණය උදාවී තිබේ. ඩොලර් ටි‍්‍රලියන තුනක් වටිනා ඛනිජ සම්පත් ඇෆ්ගන් භූමියේ ඇති බව බීජින් පාලනය හො`දින් දනී. එය ලබා ගැනීමට නොපැකිලිව කාබුල් නුවරට ණය හා ආයෝජන ලැබෙනු ඇත. ඇෆ්ගන් ජාතිකයන් වහල්භාවයේ විලංගු බිඳ දැමූ බව පාකිස්තානයේ අගමැති ඉම්රාන් ඛාන් පවසයි. පශ්තුන් ගෝත‍්‍රයට අයත් ඔහු තලේබාන් ජය ගැන එළිපිටම සතුටු වෙයි. මෙය ඉන්දියාවේ බලවත් කෝපයට හේතුවකි. නමුත් පකිස්තානයේ හො`දම සුරතලා වන්නේද තලේබාන් සංවිධානයයි. එය ප‍්‍රකට රහසකි. ඉස්ලාමාබාද් ආණ්ඩුවටත් වඩා බලවත් රාවල්පින්ඩි නුවර පිහිටි පාකිස්තානයේ හමුදා මූලස්ථානය මේ වෙනස්කම් දකින්නේ අත්පුඩි තලමිනි. එරට හමුදාවේ විශ‍්‍රාමික හා වත්මනේ සේවයේ යෙදෙන ජෙනරාල්වරුන් කාබුල් හි පාලනය තම ”මිතුරන්” අතට පත්වීම ගැන මහත් සේ සතුටු වන අතර තලේබාන් සංවිධානය ගැන විවෘතව ප‍්‍රශංසා කරති. පසුගිය දශක තුන තුළ තලේබාන් සංවිධානය හරහා තම ප‍්‍රධාන අරමුණු දෙකක් ඉටුවන බව ඉස්ලාමාබාද් ආණ්ඩුව දනී. පළමුව, කාබුල්හි තලේබාන් පාලනයක් සහ පාකිස්තානය විසින් එය පාලනය කළ හැකි වීම් හා පාකිස්තාන හමුදාවට ඇෆ්ගනිස්ථානය හරහා නිදහස් මාවතක් සහතික කිරීමයි. මෙය විශේෂයෙන්ම ඉන්දියාවට එරෙහි මෙහෙයුම් කිරීම සඳහාය. ඇත්තෙන්ම බි`ද වැටුණු අශ්රොෆ් ඝානිගේ ආණ්ඩුව වඩා හිතවත් වූයේ ඉන්දියාවටය. එය ප‍්‍රකට රහසකි. නමුත් දැන් ඉන්දීය තානාපති නිලධාරීන්ද සියල්ල හකුලාගෙන දිල්ලියට පැමිණ ඇත. ඇෆ්ගනිස්ථානයේ සහ ඉන්දියාවේ රාජ්‍ය තාන්ත‍්‍රික හා බුද්ධි අංශ වල බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ පාකිස්තානයේ සක‍්‍රීය ආධාරයක් නොමැතිව තලේබාන් ජයග‍්‍රහණය ලබාගත නොහැකි බවයි. කාබුල් නුවර සේවය කළ ඉන්දියාවේ හිටපු තානාපති ගෞතම් මුඛෝපාද්යා නව වෙනස හ`දුන්වන්නේ ‘‘ඇෆ්ගන් මුහුණුවරක් ඇති පකිස්තානු ආක‍්‍රමණය” ලෙස ය.

ඇත්තෙන්ම මේ නව වෙනස හරහා ඇෆ්ගනිස්ථානයට එල්ල කළ හැකි ඉන්දියාවේ බලපෑම අහිමි වන අතර, තලේබාන් නැවත පැමිණීම හේතුවෙන් ඉන්දියා-පාකිස්තාන සබඳතා තවත් එක් දුෂ්කර හා හානිකර තත්ත්වයට පත්වෙයි. එසේම තලේබාන් පාලනය තුළ ඇෆ්ගනිස්ථානය යළිත් වරක් ඉන්දියාවට එරෙහිව ජිහාද් ත‍්‍රස්තවාදය ප‍්‍රවර්ධනය කිරීමේ පාකිස්ථානයේ හවුල්කරුවා බවට පත්වන නිසා ඉන්දියාවේ ආරක්ෂාවට බරපතළ ප‍්‍රශ්නයක් පැනන`ගී. තලේබාන් සංවිධානය සමඟ සටන් කරන දහස් ගණන් පාකිස්ථානු ජිහාඞ්වාදීන්ගේ තර්ජනය දිල්ලියට නොසලකා හැරිය නොහැකිය. ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය සමථයකට පත් වූ පසු ඔවුන්ගෙන් වැඩි දෙනෙක් නව සටන් බිම් සොයති. නොපැකිලිව පකිස්ථානයේ ආශිර්වාදය ලැබෙන බැවින් කාශ්මීර නිම්නය ඔවුන්ගේ පළමු තේරීම වනු ඇත. මෙය නවදිල්ලි භීතිය ලෙස හැ`දින්විය හැක.

තලේබාන් යන වචනය පශ්ටෝ භාෂාවෙන් ‘ශිෂ්‍යයෝ’ ලෙසින් අර්ථ දැක්විය හැකිය. ඔවුන් මතුවූයේ 90 දශකයේ මුල් භාගයේදී ය. එය සිදුවූයේ සෝවියට් හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීමෙන් අනතුරුවය. මේ වකවානුවේ දී ආගමික ආයතන තුළ ‘පශ්තුන් සංවිධාන‘ බිහිවූ අතර සෞදි අරාබියෙන් ලැබුණු මුදල් ආධාර මත එම සාමාජිකයන් හට සුන්නි වහබ්වාදය උගන්වනු ලැබීය. තලේබාන් සංවිධානයේ මූලික පොරොන්දුව වූයේ තමන් බලයට පත්වූ වහාම ෂරියා ඉස්ලාම් නිකායේ දැඩි නීති හඳුන්වාදෙමින් රටේ සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීමය. ඇෆ්ගනිස්ථානයේ නිරිතදිග ප‍්‍රදේශයෙන් තලේබාන් බලපෑම ආරම්භ විය. 1995 සැප්තැම්බරය වන විට ඔවුහු ඉරාන දේශ සීමාව අද්දර පිහිටි හෙරාත් ප‍්‍රාන්තය අත්පත් කර ගත්හ. ඉන් පසුව හරියටම වසරක් ගෙවී යත්ම එවකට බලයේ සිටි ජනාධිපති රබ්බානිගේ ආණ්ඩුව පෙරළා දමා කාබුල් අගනුවර අල්ලා ගත්හ. රබ්බානි යනු, සෝවියට් හමුදාවට එරෙහිව සටන් වැදුණු ඇෆ්ගන් මුජහිදීන් සංවිධානයේ ආරම්භක නායකයෙකි. නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ද්විත්ව කුළුණට 2001 සැප්තැම්බර් 11 වැනිදා එල්ල වූ ප‍්‍රහාරයෙන් පසුව මුළු ලෝකයම අවධානය ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානය වෙත යොමුවිය. මෙම ප‍්‍රහාරයේ ප‍්‍රධාන සැකකරු වූ ඔසාමා බින් ලාඩන්ට සහ ඔහුගේ අල් ඛයිඩා සංවිධානයට ‘අභයභූමියක්’ සැපයූ බවට කාබුල් පාලනයට චෝදනා එල්ල විය. එනිසාම 2001 ඔක්තෝම්බර් 7 වැනිදා එක්සත් ජනපදය ප‍්‍රමුඛ ඒකාබද්ධ හමුදා ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානයට එරෙහිව මෙහෙයුම ආරම්භ කළහ. ඒ වසරේ දෙසැම්බරයේ පළමු සතිය වන විට තලේබාන් බලය බිඳ වැටුණි. එහෙත් දැන් සියල්ල කණපිට හැරී නැද්ද ?

වියට්නාම යුද්ධය නිසා එක්සත් ජනපදය පිලිබ`දව ලොව පුරා බලවත් අප‍්‍රසාදයක් ඇතිවූ අතර ඒ යුද්ධයට ඩොලර් බිලියන ගණනක් වැය වූවා පමණක් නොව ඇමරිකානු ජීවිත 58,000 කට අධික සංඛ්‍යාවක් අහිමි විය. 1975  සයිගොන් බි`දවැටෙන විට ඇමෙරිකාවේ ජනපති වූයේ ජනාධිපති ජෙරල්ඞ් ෆෝඞ් වේ. ඇෆ්ගන් යුද්ධයට ඇමෙරිකාව වැයකළ මුදල ඩොලර් ටි‍්‍රලියන දෙකකි. මියගිය ඇමෙරිකානුවන් ප‍්‍රමාණය 2300 කට අධිකය. ඩොලර් බිලියන 83කට ආසන්න මුදලක් වැයකර තැනූ ඇෆ්ගන් හමුදාව තලේබාන් සාමාජිකයන් කාබුල් නුවරට පැමිණෙන විට එකදු වෙඩිල්ලක් හෝ තැබුවේ නැත. ඇමෙරිකන් ආයුධ තලේබාන්වරු දැක නිෂ්ක‍්‍රීය වූවේද? ඇමරිකාව ඇෆ්ගන් හමුදාව වෙනුවෙන් කළ ආයෝජනයේ අවසාන ප‍්‍රතිලාභියා වූයේ තලේබාන් සංවිධානයි. ඔවුන් දේශපාලන බලය පමණක් නොව එක්සත් ජනපදය විසින් සපයන ලද ගිනි බලය, තුවක්කු, පතොරම්, හෙලිකොප්ටර් සහ තවත් බොහෝ දේ අල්ලා ගත්හ. ඇෆ්ගන් රජයේ හමුදාවන්ගේ ශක්‍යතාව වැරදි ලෙස තක්සේරු කිරීම නිසා අපහසුතාවයට පත්වූයේ ඇමෙරිකාවයි. ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සහ බැරක් ඔබාමාගේ පාලන කාලය තුළ ඇෆ්ගන් යුද උපාය මාර්ග සකස්කළ විශ‍්‍රාමික හමුදා ලූතිනන් ජෙනරාල් ඩව් ලූට් පවසන්නේ ඇෆ්ගන් ජාතිකයන්ට හමුදා උපකරණ තිබුනද අත්‍යවශ්‍ය වන චිත්ත ධෛර්ය නොතිබූ බවයි. ‘‘චිත්ත ධෛර්යය, විනය, නායකත්වය, ඒකක සංහිඳියාව තමන් සතු හමුදාමය උපකරණ සංඛ්‍යාවට වඩා වැඩියෙන් තීරණාත්මකයි. බාහිර පුද්ගලයන් වශයෙන් අපට අවශ්‍ය ද්‍රව්‍ය සැපයිය හැකි නමුත්, නොපෙනෙන චිත්ත ධෛර්ය, කැපවීම අපට දෙන්න බැහැ. එය ඇෆ්ගන් හමුදා සාමාජිකයන්ගේ වගකීමක්.

ඉකුත් ඉරිදා චිනුක් ‘වර්ගයේ හෙලිකොප්ටරයක් කාබුල්හි පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ වහලයට  ගොඩබසින විට බොහෝ දෙනකුට සයිගොන් බිඳවැටීම මතක් විය. ‘‘මේ ජෝ බයිඩන්ගේ සයිගොන්” යනුවෙන් රිපබ්ලිකන් සම්මේලනයේ සභාපති එලීස් ස්ටෙෆනික් ට්විටර් පණිවුඩයක් මගින් ස`දහන් කර තිබිණි. ‘‘මෙවැනි ජාත්‍යන්තර තලයේ විනාශකාරී අසාර්ථක වීමක් කිසිදා අමතක කළ නොහැක.” යනුවෙන්ද ඇය පවසා තිබිණි. වියට්නාමයෙන් එක්සත් ජනපද හමුදාව ඉවත් කර වසර දෙකකට පසු සයිගොන් බිඳවැටීම සිදු විය. කාබුල් නගරයෙන් ඇමෙරිකාව සම්පූර්ණයෙන්ම ඉවත්වීම අගෝස්තු 31 වැනිදා දිනයේ නියමිතව තිබූ අතර නමුත් අගෝස්තු 15 වැනිදා කාබුල් ජනපති මන්දිරයේ තලේබාන් නායකයෝ වාඩිවී ඉස්ලාමික එමීරය ප‍්‍රකාශයට පත්කළහ. කාබුල් ගුවන් තොටුපළේ සිට ගුවන්ගතවූ ඇමෙරිකානු හමුදා ප‍්‍රවාහන ගුවන් යානයක ඇෆ්ගන් ජාතිකයන් එල්ලී සිටින අවස්ථාව, ඇමෙරිකානු පරාජය පැහැදිලිව නිර්වචනය කරන සේයාරුව බවට පත්ව ඇත. ‘කාබුල් මොහොත’ ලෙස මෙය ජාත්‍යන්තර මාධ්‍ය මගින් අර්ථ දක්වා ඇත.” ඇමෙරිකාවට පළමු තැන” ලබා දෙන්නට ජෝ බයිඩන්ට නොහැකි වී ඇත. ඇමෙරිකාවේ මූලෝපායික තරගකරුවන් වන චීනය සහ රුසියාව දැන් කාබුල් වෙනස ගැන බලවත් සේ සතුටු වන්නේ ද මේ නිසාය. මේ අතර පසුගිය අ`ගහරුවාදා තලේබාන් ප‍්‍රකාශක සබිහුල්ලා මුජාහිඞ් පැවසුවේ ඇමෙරිකානුවන්ට බියවීමට කිසිම කාරණයක් නොමැති බවයි. ‘‘එක්සත් ජනපදය ඇතුළු ජාත්‍යන්තර ප‍්‍රජාවට මෙන්ම ඇෆ්ගනිස්ථානයේ කිසිවකුටත් අපෙන් හානියක් නොවන බවට මම සහතික වීමට කැමතියි එසේම අපේ භූමිය තුළ ඔබට කිසිදු හානියක් සිදු නොවේ.”

‘‘මම ජනතාවට ද්‍රෝහී වුණේ නෑ. මම සල්ලි අරන් ගියෙ නෑ. මම ආවෙ සෙරෙප්පු දෙක පිටින්’’ යනුවෙන් තම රටෙන් පළා ගිය ඇෆ්ගන් ජනපති අශ්රොෆ් ඝානි හදිසියේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මතුව ප‍්‍රකාශ කර තිබුණේ පසුගිය සතියේය. මොහු මුලින්ම තජිකිස්ථානය බලා ගියත් එරට බලධාරීහු ජනපතිගේ ගුවන් යානය  ගොඩබෑමට අවසර ලබා දුන්නේ නැත. ෆේස්බුක් වීඩියෝවක් හරහා ඝානි විසින් සිදුකළ මෙම ප‍්‍රකාශය අනුව ඔහු කියා තිබුණේ තමන්ට මානුෂීය පදනම් මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුල් වීමට අවස්ථාව ලැබුණු බවයි. තමන් නැවත ඇෆ්ගනිස්ථානය බලාපිටත්ව යෑමට අදහස් කරන බව පැවසූ නමුත් ඒ අවස්ථාවේදී මේ හිටපු ජනපතිවරයාගේ මුහුණේ දිස්වූයේ සුදුමැලි ස්වභාවයකි. රුසියානු ගුවන්යානකින් කාබුල් නුවරින් පලාගිය හිටපු ජනපතිවරයා සමග ඔහුගේ හිතවතුන් 50 දෙනකු වූ අතර ඒ යානයේ ඩොලර් මලූ මෙන්ම හෙලිකොප්ටරයක් හා කාර් තුනක්ද තිබුණු බව මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි. මේවා ඇමෙරිකාව කාබුල් හි සිදුකළ ආයෝජනවල ලාභයද?

චතුර පමුණුව

advertistmentadvertistment