ඇඹිලිපිටියේ ගුරු විරෝධතා පාගමනින් නගරයේ කටයුතුවලට බාධා

286

ගුරු වැටුප්,කොතලාවල පනත හා තවත් කරුණු හතරක් ඉල්ලා ඇඹිලිපිටිය නගරයේදී ඊයේ(27දා* ගුරු විරෝධතා පාගමනක් පැවැත්විණි. ඇඹිලිපිටිය නව නගරයේ කලාප අධ්‍යාපන කාර්යාලය අසලට රැුස්වූ ඇඹිලිපිටිය හා බලංගොඩ අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් විරෝධතා පාගමනින් ඇඹිලිපිටිය නගරය දක්වා පැමිණෙන ලදී.
 
 පෙරවරු 10.30ට පමණ මෙම විරෝධතා පා ගමන ආරම්භ වූ අතර දෙදහසකට ආසන්න ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පිරිසක් මෙම විරෝධතාවය සඳහා සහභාගි වූහ. ඔවුන්ගේ ඉල්ලීම වූයේ තමන්ට හිමි වැටුප්වල පිහිටුවන ලෙසත් කොතලාවල පනත අහෝසි කරන ලෙසත් හා තවත් කරුණු රැුසක් මුල් කරගනිමින් මෙම විරෝධතාවය පැවැත්විණි. ඇඹිලිපිටිය නව නගරයේ සිට පැමිණි විරෝධතාකරුවන් ඇඹිලිපිටිය නගර මධ්‍යයේදී සම්පූර්ණයෙන්ම මාර්ගය අවහිර කරමින් විරෝධතා දක්වන්නට විය. මෙහිදී පොලිසිය විසින් නගරය මැදින් පැමිණි වාහන නගරය වටා ඇති මාර්ග ඔස්සේ හරවා යවන ලදී. ඇඹිලිපිටිය නගරයට අවට පොලිසි කිහිපයකින් ගුරු විරෝධතාව වෙනුවෙන් පොලිසිය කැඳවා නගරයේ ආරක්ෂාවට යොදවා තිබෙනු දක්නට හැකි විය. ඇඹිලිපිටිය නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසලට පැමිණි පිරිස් ඔරලෝසු කණුව මතට නැග විරෝධතාවයේ යෙදෙනු දක්නට හැකි විය. විරෝධතා උද්ඝෝෂණයේ නිරත ගුරු විදුහල්පතිවරුන් ඇඹිලිපිටිය ඔරලෝසු කණුව අසලදී මාධ්‍යට අදහස් දක්වා ජනතාව ඇමතීමෙන් පසුව 12.20 ට පමණ විරෝධතාවය නිම කරන ලදී.මේ හේතුවෙන් පැය එක හමාරක පමණ කාලයක් නගරයේ කටයුතු අඩාල විය.\

ඕමල්පේ – ප‍්‍රගීත් ජනක


advertistmentadvertistment