ඇඹිලිපිටියේ මල්ශාලා හිමිකරු හිසට වෙඩි තබා බිරිඳ මරා දමලා – කලක පටන් පැවැති ආරවුල දලූලා

3270

පවුල් ආරවුලක් දුරදිග යෑම හේතු කොට ගෙන සිය විවාහක සැමියා විසින් බිරිඳට වෙඩි තබා ඝාතනය කර ඇතැයි ඇඹිලිපිටිය පොලිස් බල ප‍්‍රදේශයෙන් වාර්තා වේ. පෙරේදා (26 වැනිදා) රාත‍්‍රී 7.30 ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ අංක 123 පස් වන පටුමග කරදමණ්්ඩිය නවනගරය ඇඹිලිපිටිය යන ලිපිනයේ පදිංචි අබේසිංහ කම්කානන්ගේ ඉන්ද්‍රා මල්කාන්ති(35) නමැති දෙදරු මවකි.

ඇඹිලිපිටියේ මල්ශාලා හිමිකරු හිසට වෙඩි තබා බිරිඳ මරා දමලා - කලක පටන් පැවැති ආරවුල දලූලා

සැකකරු වන වීරසිංහ ආරච්චිලාගේ ධම්මික කුමාර නොහොත් අනුර (47) කලක සිට ඇඹිලිපිටිය 96 ප‍්‍රදේශය අනුර මල්ශාලාව නමින් ආයතනයක් පවත්වාගෙන යමින් කටයුතු කර ඇත. මොවුන්ට අවුරුදු තුනක දියණියක් හා අවුරුද්දක පුතෙකු සිටිති.

මොවුන් දෙදෙනා අතර කලක පටන් පවුල් ආරවුල් පැවැති බව පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. කලක් තිස්සේ පැවැති මෙම ආරවුල දුරදිගයෑම හේතුවෙන් ඉකුත් 26 වැනිදා රාත‍්‍රී 7.30 ට පමණ තම නිවස ඉදිරිපිටදී ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් හිසට වෙඩි තබා සිය බිරිඳ ඝාතනය කර ඇත. සැකකරු මේවන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඇඹිලිපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

කුට්ටිගල දම්මුල්ලේ සේන වී ගමගේ, ඕමල්පේ ප‍්‍රගීත් ජනක
 

advertistmentadvertistment
advertistmentadvertistment