ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ ඉඳිකරන සූර්ය බලාගාරයේ වැඩ මේ වන විට නිමවෙමින් පවතී. කොරියානු රජයේ ආධාර මත ඒ සඳහා ඩොලර් මිලියන 3.05 වැය කෙරේ.
මෙම ව්‍යාපෘතිය වර්ග මීටර් දාහතරදහස් පන්සිය විස්සකින් සමන්විතය.
වාර්ෂික බලශක්ති උත්පාදනය 1300 MWh වේ. ව්‍යාපෘතියේ වසර 20 කාලය තුළ විදුලි ජනනය සඳහා ෆොසිල ඉන්ධන ආනයනය කිරීමේ පිරිවැය අඩු කිරීම අපේක්ෂා කෙරේ. එමගින් රුපියල් මිලියන 130 රජයට ඉතිරි වේ. ව්‍යාපෘති කාලය තුළ අපේක්ෂිත කාබන් විමෝචනය වසරකට ටොන් 502.8 අඩුවේ. මෙම ව්‍යාපෘතිය මගින් මෙගාවොට් එකක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතය. ව්‍යාපෘතියේ ඉඳිකිරීම් කොරියානු රජයේ මූල්‍ය ආධාර යටතේ සිදුකෙරෙන මෙවැනිම තවත් ව්‍යාපෘතියක් සෙවනගල කිරිඉබ්බන්වැවේ ආරම්භ කර ඇත. මේ වන විට ඉදිකිරීම් නිමවෙමින් පවතින අතර තවත් මාස තුනකින් පමණ විවෘත කිරීමට හැකිවන බැව් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියදර්ශන මහතා පැවසීය.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක