ඇරොබික් ජිම්නාස්ටික් ශූරතාව වජිරඤාණය සහ උසස් බාලිකා විදුහල දිනාගනී

32

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ ඇරොබික් ජිම්නාස්ටික් පිරිමි ශූරතාව දිනා ගැනීමට නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි හාවාඑළිය සිරි වජිරඤාණ මහා විදුහල සමත් වන අතර වාරයේ දී බාලිකා ශූරතාව තහවුරු කර ගැනීමට මහනුවර උසස් බාලිකා විදුහල සමත් විය.

එකී බාලක අනුශූරතාව ලිදුල සිංහල මහා විදුහලට ද බාලිකා අනුශූරතාව මහනුවර මහාමායා බාලිකා විදුහලට ද හිමි විය.

බාලක සහ බාලිකා දෙවන අනුශූරතාව පිළිවෙලින් නුවරඑළිය මහින්ද මහා විදුහලට සහ මහනුවර යහපත් එඬේරාගේ කන්‍යාරාමයට හිමි විය.

මෙවර තරගාවලියේ බාලක අංශයේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කළ පාසල් විසින් දිනා ගැනීම කැපී පෙනුණු අතර බාලිකා අංශයේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන මහනුවර දිස්ත්‍රික්කය සතු විය.

මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පවත්වන ලද මෙම තරගාවලියේ බාලක සහ බාලිකා ජයග්‍රාහී පාසල් ළඟ එන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලට වරම් ලබා ගත්හ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment