ඇල්පිටියේ නිවසක පිපිරීමකින් ව්‍යාපාරිකයකුට බරපතළ තුවාල

485

ඇල්පිටිය පොලිස් වසමේ ඕමන්ත. නාගහතැන්න ප්‍රදේශයේ නිවසක් තුළ පෙරේදා (01දා) සිදුවූ පිපිරීමකින් එම නිවස අයත් ව්‍යාපාරිකයා බරපතළ තුවාල ලබා කරාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ බරපතළ තුවාල ලබා ඇත්තේ ඇල්පිටිය නගරයේ රෙදිසාප්පු හිමිකරුවෙකි.

පෙරේදා ඔහුගේ නිවසට සොරුන් පැන බඩුමුට්ටු ගෙන ගිය බවට ලද තොරතුරක් මත ව්‍යාපාරිකයා නිවස පරීක්‍ෂණ කිරීමට ගිය අවස්ථාවේ මෙම පපිරීම සිදුව ඇති බව පරීක්‍ෂණ පවත්වන ඇල්පිටිය පොලිසිය පවසයි.

ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි. එල්. ලීලවංශ මහතාගේ උපදෙස් මත ඇල්පිටිය පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චාමර සිල්වා මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සහ අපරාධ කොට්ඨාස නිලධාරීහු මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වති.

ඇල්පිටිය – විදානආරච්චි කීර්තිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment