ඇල්පිටිය නගරයට ආසන්නයේ පදිංචි ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමට පැමිණි පාතාල මැරයන් දෙදෙනකු ඝාතනයට මොහොතකට පෙර ගිනි අවිය ද සමඟ ඉකුත් 7 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට ඇල්පිටිය පොලිසිය සමත් වී ඇත.
දකුණේ ප්‍රසිද්ධ පාතාල නායකයකුගේ කොන්ත්‍රාත්තුවක් මත ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සඳහා ආයුධ සන්නද්ධව පාතාල මැරයන් දෙදෙනකු පැමිණෙන බවට ඇල්පිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අනුර විජේසිංහ මහතාට තොරතුරක් ලැබී ඇත. එසැණින් ව්‍යාපාරිකයා පදිංචි ස්ථානය ආසන්නයේ රහසිගත ස්ථානයක
රැකවල්ලා සිටි අනුර විජේසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් සැකකරුවන් දෙදෙනා
යතුරුපැදියකින් ව්‍යාපාරික ස්ථානයට පැමිණෙන අවස්ථාවේ මහත් පරිශ්‍රමයක් දරා ගිනිඅවිය ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කලබලය දුටු ව්‍යාපාරිකයා ව්‍යාපාරික ස්ථානයෙන් පිටතට පැමිණ විපරම් කිරීමේදී තමා ඝාතනය කිරීමට පැමිණි ඝාතකයන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව දැනගෙන ඇත.
පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා පරීක්‍ෂා කිරීමේදී ඝාතනයට රැගෙන ආ මිලි මීටර් 9 උණ්ඩ පිරවූ පිස්තෝලය සමඟ ඔවුන් පැමිණි යතුරුපැදිය ද අත්අඩංගුවට ගෙන ඇති අතර එය ව්‍යාජ අංක තහඩු යෙදූ යතුරුපැදියක් බව ද හෙළිකරගෙන ඇත.
ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු රත්මලාන යුද හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කරන සති අන්තයේ නිවසට පැමිණෙන මීටියාගොඩ පොලිස් වසමේ පදිංචිකරුවකු බව ද ඝාතනය සිදුකළ වහාම නැවත රාජකාරියට වාර්තා කිරීමට සැලසුම් කරගෙන සිටි බවට ද පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.
අනෙක් සැකකරු පුහුණුව ලබා හමුදාව හැරගිය සෙබළකු බවට ද පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඝාතන රැසක තොරතුරු සහ ඉදිරියේදී සිදුකිරීමට සැලසුම් කර ඇති ඝාතන රැසක තොරතුරු හෙළිකර ගැනීමට හැකි වූ බවත්, ඔවුන් දෙදෙනා ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන සිදුකිරීමට කටයුතු කරන බවත්, ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් දිවයිනට පැවසීය.
ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටිගේ මහතාගේ උපදෙස් මත ඇල්පිටිය පොලිස් අධිකාරි » මහේෂ් කුමාරසිංහ මහතාගේ අධීක්‍ෂණයෙන් ඇල්පිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අනුර විජේසිංහ මහතා සමඟ උප පොලිස් පරීෂක සනත්, පොලිස් කොස්තාපල්වරුන් වන (82448) රොෂාන්, (93803) මධුසංක යන පොලිස් නිලධාරීහු මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වති.
ඇල්පිටිය – විදානආරච්චි කීර්තිරත්න