වැල්ලවාය ඇල්ලවල දිය ඇල්ලේ නෑමට ගිය තරුණයන් සිවුදෙනකු ඊයේ (21 වැනිදා) දහවල් දියේ ගිලී අතුරුදන්ව ඇත.
මෙසේ අතුරුදන් වූ තරුණයන් සිවුදෙනා අවුරුදු 20-21 වයසේ පසු වන අය වන අතර කල්මුනයිකුඩි සහ සයින්දමරුදු ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
විනෝද චාරිකාවක් පැමිණි තරුණයන් පිරිසක් ඊයේ උදෑසන වැල්ලවාය ඇල්ලවල ඇල්ල නැරඹීමට පැමිණ ඇත.
මෙම ඇල්ලේ දිය නෑම ඉතාම අනතුරුදායක බව දන්වමින් ඒ අවට ප්‍රදේශවල පුවරු සවිකර තිබී ඇතත් එම අනතුරු ඇඟවීම් ගණනකට නොගත් තරුණයන් පිරිසක් ඇල්ල ප්‍රදේශයේ දිය නෑමට පටන් ගෙන තිබේ.
එහිදී ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ මෙම දියඇල්ල හා ඒ අවට ජල මාර්ගවල දිය නෑම ඉතාම අනතුරුදායක බවයි. එහෙත් එම අනතුරු ඇඟවීම් නොතකා දියනාමින් සිටි තරුණයන් සිවුදෙනෙක් හදිසියේම දියේ ගිලී ඇත.
දියේ ගිලී අතුරුදන් වූ තරුණයන් සෙවීමට පොලිසිය සහ ප්‍රදේශවාසීහු දැඩි උත්සාහයක නිරත වූහ. කිමිදුම්කරුවන් යොදාගෙන තරුණයන් සෙවීමේ කටයුතු ඊයේ සවස් වනතුරුම ක්‍රියාත්මක විය. වැල්ලවාය පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යයි.
හේමන්ත රන්දුණු, බඩල්කුඹුර – රවිඳු ගුණතිලක