ඇලුමීනියම් හා ප්ලාස්ටික් කම්හලක් ගිනි ගෙන කෝටි 5ක අලාභයක්

385

වවුනියාවේ මරක්කාරම්පලෙයි ප්‍රදේශයේ පිහිටි ඇලුමීනියම් හා ප්ලාස්ටික් කම්හලක් පෙරේදා (24දා) සවස හදිසියේම ගිනි ගැනීම නිසා රුපියල් කෝටි පහක පමණ අලාභයක් සිදුව තිබේ.

එම කර්මාන්ත ශාලාවේ භාවිත කරන ලද රසායන ද්‍රව්‍යක් හේතුවෙන් හෝ විදුලිය කාන්දුවීමකින් මෙම ගින්නහට ගන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර ගින්නෙන් කර්මාන්ත ශාලාවේ ගොඩනැඟිලි, භාණ්ඩ හා කර්මාන්ත ශාලාවේ නිපදවන ලද නිමි භාණ්ඩ හා වාහන ද ගිනි ගෙන තිබේ.

වවුනියාව නගර සභාවේ හා පොලිසියේ ගිනි නිවන ඒකක වහාම අදාළ ප්‍රදේශයට පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළත් ඒ වනවිට ගින්නෙන් විශාල හානියක් කර්මාන්ත ශාලාවට සිදුව තිබුණි.

රසායන ද්‍රව්‍යවලට ගිනි ගැනීමෙන් පසුව කළු පැහැති විශාල ධූමාරයක් අහසට නැඟී එන්නට පටන් ගත් අතර එම ධූමාරය ගිනි නිවීමේ කටයුතුවල නිරතව සිටි නිලධාරීන්ට ද විශාල බාධාවක් වුණි.

ඇලුමීනියම් හා ප්ලාස්ටික් කම්හලක් ගිනි ගෙන කෝටි 5ක අලාභයක්

එම ධූමාරය නිසා හුස්ම ගැනීමේ අපහසුතාවයක් හටගත් අතර මේ වනවිට ද මරක්කාරම්පලෙයි ගම්ම්මානය පුරා දැඩි දුඟදක් හමමින් පවතී.

වවුනියාව පොලිසිය මෙම ගින්න පිළිබඳව පරීෂණ ආරම්භ කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment