රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි කියන ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා අද මාස 06ක සිර දඬුවම් නියම කළේය. අදාළ බදු මුදල් ගෙවන ලෙසට 2023/11/14 අධිකරණය නියෝග කර තිබියදී එම බදු මුදල් නොගෙවා පැහැර හැරම හේතුවෙන් මෙම දඬුවම නියම කළේය.අදාළ නඩුව කැඳවීමෙන් අනතුරුව වගඋත්තරකරුවන් අධිකරණයේ පෙනී සිටි අතර ව ගඋත්තරකරුවන් අද දිනයේදී අදාල බදු මුදල් නොගවන්නේ නම් මාස හයක ලිහිල් සිරදඬුවමක් නියම කරන බව මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය. වග උත්තරකරුවන් මීට පෙර නඩු දිනයේදී අධිකරණ යේ පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය මගින් වරෙන්තුවක් ද නිකුත් කර තිබිණි.2016 සහ 2019 අතර කාලය තුළ රජයට අය විය යුතු වැට් බදු මුදල වන රුපියල් බිලියන 3.5ක් ගෙවන ලෙසට විත්තිකරුවන්ට නියෝග කරන ලෙස ඉල්ලා දේශීය ආදායම් කොමසාරිස්වරයා මෙම නඩුව පවරා තිබිණි.දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙනී සිටියේය.විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ චානක්ඛයා ලියනගේ මහත්මිය පෙනී සිටියාය.
|