ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රක්නා ලංකා ආරක්ෂක සමාගම ඇවන්ගාඩ් සමාගමට බාරදී තිබූ ස්වයංක්‍රීය හා අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි 103ක් සහ පතරොම් 28,789ක් අදාළ ගිවිසුම් අවසන්වීමෙන් පසු නැවතත් එම සමාගම භාරයට ගෙන නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.නෞකා සමාගම්වලට 2011 වර්ෂයේදී නිකුත් කර, මෙතෙක් බාරදී නොමැති ගිනිඅවි අතුරින් 13ක් අස්ථානගතවී ඇති අතර ඊට ස්වයංක්‍රීය ගිනිඅවි 04ක් සහ අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි 03ක් ඇතුළත් වන බව විගණන වාර්තාවෙන් පෙන්වා දී ඇත.රක්නා ලංකා ආරක්ෂක සමාගම සහ ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් පෞද්ගලික සමාගම අතර පැවති ව්‍යාපාරික ගිවිසුම 2019 වසරේ ජනවාරි 24 වන දිනෙන් අවසන්වී ඇති බැවින් එම අවි ආයුධ නැවත බාරදිය යුතුව ඇති බව විගණන කාර්යාලය පෙන්වා දෙයි.
|