ඇසක් අහිමි වූ ප්‍රහාරයට දින දෙකකට පෙර මා නපුරු සිහිනයක් දුටුවා

434

ලෝ ප්‍රකට ලේඛක සල්මන් රුෂ්ඩී කියයි

ඇසක් අහිමි වීම තමා හැම දිනකම කම්පනයට පත් කරන බව ලෝ ප්‍රකට ලේඛක ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩී පවසයි.

මෙම ප්‍රහාරයට දින දෙකකට පෙර ප්‍රහාරය පිළිබඳව තමා ‘නපුරු සිහිනයක්’ දුටු බවත්, ඒ හේතුවෙන් එහි නොයා සිටීමට තමන්ට අවශ්‍ය වූ බවත් ඔහු කියයි. ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩීට මේ සාහසික ප්‍රහාරය එල්ල වූයේ 2022 වසරේ අගෝස්තු මාසයේදී නිව්යෝර්ක් හි අධ්‍යාපන ආයතනයක දේශනයක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටි අවස්ථාවේදීය. ප්‍රහාරකයා විසින් තත්පර 27ක් පුරා ඔහුගේ ගෙළ සහ උදරය ඇතුළු ස්ථාන කිහිපයකට 12 වරක් පිහියකින් අනින ලද ආකාරය ඔහු ආවර්ජනය කර තිබුණේ බීබීසී ය සමග පැවති වැඩසටහනකදීය.

“මට ඔහු එක්ක සටන් කරන්න හැකියාවක් තිබුණෙ නෑ. මට ඔහුගෙන් බේරිලා දුවන්න පුළුවන්කමක් තිබුණෙත් නෑ” යනුවෙන් කතුවරයා පවසා තිබිණි. ශ්‍රීමත් සල්මාන් පැවසුවේ ප්‍රහාරයෙන් පසු තමා බිම ඇද වැටුණු බවත් එහිදී තමන් ලේ විලක් මත වැතිරී සිටි බවත්ය.

හෙලිකොප්ටරයකින් ඔහු රෝහල කරා රැගෙන යනු ලැබූ අතර සුවය ලැබීමට සති හයක් ගතවිය.

ඉන්දියාවේ උපන් 76 හැවිරිදි බි්‍රතාන්‍ය – ඇමෙරිකානු කතුවරයා නූතන කාලයේ වඩාත් බලපෑම් කළ හැකි කර්තෘවරුන් අතරින් කෙනකු ලෙස සැලකේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment