ඇසට කඳුළක් එක් කළ මොහොතක්…

5764

ඈත රන් විමන් දොරින් … සුදු පරවි රෑන සේ…. රටකින් එහා ඉගිලී.. ආදී එදා මෙන්ම අදත් ජන හද දිනූ ගී රැසක් ගැයූ ආදරණීය ගායකයකු වන ප්‍රියා සූරියසේන සුමති සම්මාන උළෙලේදී ජීවිතයේ එක්වරක් පමණක් කලාකරුවකුට පිරිනමන යූ. ඩබ්ලිව්. සුමතිපාල සම්මානයෙන් පෙරේදා රාත්‍රීයේ දී පිදුම් ලබද්දී…

ඇසට කඳුළක් එක් කළ මොහොතක්…

ඔහුට චිරජීවනය පතමින් අද පරපුරේ ගායක ගායිකාවන් මෙන්ම විශාරද එඩ්වඩ් ජයකොඩි, රූකාන්ත ගුණතිලක ඇතුළු සහෝදර කලාකරුවන් ඔහු ගැයූ “රටකින් එහා ඉගිලී” ගීතය සාමූහිකව ගයමින් සතුට බෙදාගත් අන්දම ඇසට කඳුළක් එක් කළ දසුනක් වුණි. තිලංග සුමතිපාල මහතා ද එම මොහොතට එක්ව සිටියේය. වත්මන් පරපුරේ දූ දරුවන් වැනි ගායක ගායිකාවන් ද ප්‍රියා සූරියසේනයන් එදා ගැයූ රසාලිප්ත ගී මෙහිදී ගයද්දී ප්‍රියා සූරියසේනයන්ගේ නෙතට සතුට කඳුළු එනු දක්නට ලැබුණි.


advertistmentadvertistment