ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් චාරිත්‍රානුකූලව කප කැපීමේ උත්සවය අද 4දා අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාල පරිශ්‍රයේදී සිදු කෙරේ.
කපන ලද පනස වෘක්ෂය අලුත්නුවර සිට මහනුවර විෂ්ණු, නාථ, කතරගම සහ පත්තිනි සතර මහා දේවාල දක්වා අලි ඇතුන් පිරිවරා ගත් පෙරහැරකින් ගෙන ඒමට නියමිතය.
කපන ලද පනස වෘක්ෂ ශාඛාවන් හෙට එනම් අගෝස්තු පස් වැනි සඳු දින පෙරවරු 4.10ට වයඹ දිශාභිමුඛව සිරිත් පරිදි පේ කොට මහනුවර සිව් මහා දේවාල පරිශ්‍රයන්හිදී ගෞරවාර්හයෙන් කප සිටුවීමේ උත්සවය පැවැත්වෙයි.
එතැන් සිට චාරිත්‍රානුකූලව දින පහක් එනම් අගෝස්තු මස 10 වැනි දින දක්වා සතර මහා දේවාල පරිශ්‍රයන්හිදී දේවාල අභ්‍යන්තර පෙරහැර පස්වරු කාලයේදී පැවැත්වෙයි.
විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ, නාථ දේවාලයේ බස්නායක නිලමේ එම්. බණ්ඩාරනායක, කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද උඩුරාවණ සහ පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත් නිලමේවරුන්ගේ පූර්ණ අධීක්ෂණය කැපවීම සහ මගපෙන්වීම යටතේ පැවැත්වෙන අභ්‍යන්තර පෙරහැර මංගල්‍යයන් නව වැනි දින නිමාවට පත්වෙන අතර අගෝස්තු මස 10 වැනි දින ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය කෙරේ.
සමන්තී වීරසේකර