ඇසළ පෙරහැර හෙට රාත්‍රී වීදි සංචාරය කරයි

418

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ 13 වැනි පෙරහැර මංගල්‍ය හෙට (22) රාත්‍රි වීදි සංචාරය කරනු ලබයි.

අවසන් මහා පෙරහැර අනිද්දා (23) වැනි දින රාත්‍රි 7.30ට වීදි සංචාරය කරන අතර හෙට රාත්‍රි මහා පෙරහැර කිරිවෙහෙර දක්වා වීදි සංචාරය කරන අතර එහි දි දේවාලයට ලැබුණු පුඳ පඬුරු වලින් කොටසක් කිරිවෙහෙර සෑ රඳුන් වෙත පුජා කර ආගමික වතාවත් වල නිරත වීමෙන් පසුව බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් පෙරහැර නිමා කිරීමේ රාජාසන කථාව පවත්වයි.

ඉන් පසුව පෙරහැර නැවත දේවාල භූමිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලයට පැමිණ පැරණි පුද චාරිත්‍ර ඉටු කර නැවත මහා දේවාලය වෙත පැමිණ 2021 ඇසළ මංගල්‍ය නිමාවටපත්වේ. 24 දා මැණික් ගඟේ දී දිය කැපීමේ මංගල්‍යයෙන් පෙරහැර නිමාවට පත් වේ.


advertistmentadvertistment