ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනෙකා කොරෝනා මර්දන එන්නතේ පළමු මාත‍්‍රාව හා දෙවැනි මාත‍්‍රාව අතර පරතරය වැඩි වත්ම ඉන් කොරෝනා වෛරසයට එරෙහිව ශරීරයxxx
තුළxනිපදවන ප‍්‍රතිශක්තිකරණය තවදුරටත් ඉහළ යන බව ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය මගින් නිකුත් කර ඇති පර්යේෂණ පත‍්‍රිකාවක සඳහන් කර තිබේ’
මේ අනුව ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත‍්‍රාව ලබාගත් අයකු දෙවැනි මාත‍්‍රාව ලබා ගැනීම සති 12ක් හෝ එයට මඳක් වැඩි කාලයක් ප‍්‍රමාද කිරීමෙන් ශරීරය තුළ කොරෝනා වෛරසයට එරෙහිව නිපදවෙන ප‍්‍රතිදේහ ප‍්‍රමාණය ඉහළ යන අතර දෙවැනි මාත‍්‍රාව ලබා ගත් අය එන්නතේ තුන් වැනි මාත‍්‍රාව මාස 6කට වඩා වැඩි කාලයක් ගත වූ පසු ලබා ගත් විට වැඩි ප‍්‍රතිදේහ ප‍්‍රමාණයක් නිපදවීම නිසා කොරෝනා වෛරසයට එරෙහිව ප‍්‍රබල ප‍්‍රතිශක්තිකරණයක් සිරුර තුළ ඇති වන බව පර්යේෂකයන් විසින් අනාවරණය කරගෙන ඇති බව එම පත‍්‍රිකාවෙහි දැක්වේ’
මේ වන විට ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයන්ට එරෙහිවද ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත ක‍්‍රියා කරන බව හෙළි වී ඇතත් ඒ සඳහා එම එන්නතෙන් මාත‍්‍රා තුනක් ලබා ගත යුතු බව පර්යේෂකයන් සඳහන් කර ඇත’
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද මුලදී ප‍්‍රකාශ කර තිබුණේ ඇස්ට‍්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත‍්‍රාව ලබා ගත් පසු දෙවැනි මාත‍්‍රාව ලබා ගැනීම මාස 3ක කාලයක් දක්වා ප‍්‍රමාද කිරීමෙන් ඉහළ ප‍්‍රතිශක්තියක් සිරුරට ලබා ගත හැකි බවයි’ කෙසේ වුවද ඩෙල්ටා ප‍්‍රභේදයේ පැතිරීම හේතුවෙන් එංගලන්තය එරට වයස අවුරුදු 40 ට අඩු වූවන් සඳහා එම එන්නතේ දෙවැනි මාත‍්‍රාව මාස දෙකකින් ලබා දීමටත් ඔස්ටේ‍්‍රලියාව එම එන්නතේ දෙවැනි මාත‍්‍රාව සති කිහිපයකින් ලබා දීමටත් පියවර ගෙන තිබේ’
මේ අතර ශ‍්‍රී ලංකාවේ මෙතෙක් දෙවැනි ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත් මාත‍්‍රාව ලබා ගැනීම මාස හතරකට වැඩි කාලයක් ප‍්‍රමාද වී ඇති අය සඳහා එම එන්නත් මාත‍්‍රා ලක්ෂ 14ක් ඉදිරි දින කිහිපය තුළදී ජපානයෙන් මෙරටට ලැබීමට නියමිතව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග පැවසීය’ මෙම එන්නත් මාත‍්‍රා ලබා දීමේදී මෙතෙක් එම එන්නතේ දෙවැනි මාත‍්‍රාව ලබා නොගත් හයලක්ෂයකට අධික පිරිසකට ප‍්‍රමුඛතාව ලබා දෙන බව අමාත්‍යාංශය කියයි’
– ඒමන්ති මාරඹේ