ඇස්ට‍්‍රාසෙනෙකා පළමු මාත‍්‍රාව ගත් 55 ට වැඩි කොළඹ ජනතාවට අද සිට ෆයිසර් එන්නත

156

 ඇස්ට‍්‍රාසෙනිකා එන්නතේ පළමු මාත‍්‍රාව පමණක් දැනට ලබාගෙන සිටින කොළඹ මහ නගර සභා බලප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55 ට වැඩි ජනතාවට දෙවැනි එන්නත් මාත‍්‍රාව ලෙස ෆයිසර් එන්නත අද (07 දා* සිට ලබා දෙන බව ඖෂධ නිෂ්පාදන සැකසුම් හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
 
 ශ‍්‍රී ලංකාවට මේ වන විට ලැබී ඇති ෆයිසර් එන්නත් මාත‍්‍රා 26,000 මේ සඳහා යොදාගන්නා බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා එන්නත් ලබාදීමේ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම ත‍්‍රිවිධ හමුදාව යටතට පවරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබාදී ඇති උපදෙස් අනුව ත‍්‍රිවිධ හමුදාව විසින් පමණක් ෆයිසර් එන්නත ලබාදීමේ කටයුතුවල නිරත වන බවද කීවේය.
 
 ඒ අනුව කොළඹ 01 සිට 15 දක්වා වූ කලාපවල පදිංචි වයස අවුරුදු 55 ට වැඩි ජනතාවට පමණක් අද ෆයිසර් එන්නත ලබාදීම සිදු කෙරේ.
 
 ඇස්ට‍්‍රාසෙනිකා එන්නතේ පළමු මාත‍්‍රාව පමණක් ලබා සිටින මෙරට පිරිස 5,75,000 ක් පමණ වන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා පළමු මාත‍්‍රාවේ සක‍්‍රීයතාවය සති 24 ක් (මාස 06 ක්* පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇතැයි කීවේය. එනිසා පළමු මාත‍්‍රාව පමණක් දැනට ලබා සිටින පිරිස අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැතැයිද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.
 
 ඇස්ට‍්‍රාසෙනිකා පළමු මාත‍්‍රාව ලබා සිටින අය අතරින් සිය දෙවැනි මාත‍්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා ගැනීමට යම් පුද්ගලයකු අකමැත්තක් දක්වන්නේ නම් ඔවුනට මෙම මස අවසානයේ දී මෙරටට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග‍්‍රහයෙන් ලැබීමට නියමිත ඇස්ට‍්‍රාසෙනිකා එන්නත් තොගය භාවිත කර සිදුකරන ඇස්ට‍්‍රාසෙනිකා දෙවැනි මාත‍්‍රාව ලබාදීමේ වැඩසටහන මගින් දෙවැනි මාත‍්‍රාව ලෙස ඇස්ට‍්‍රාසෙනිකාම ලබා ගැනීමට හැකියාව තිබෙන බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
 
 මේ වන විට කොවිඞ් පාලන එන්නත්කරණය යටතේ පළමු මාත‍්‍රාව කොළඹ දිස්ත‍්‍රික්කයේ සියයට 61.72 ක් (61.72%* ගම්පහ දිස්ත‍්‍රික්කයේ සියයට 51.03 ක් (51.03%* සහ කළුතර දිස්ත‍්‍රික්කයේ සියයට 40.31 ක් (40.31%* පිරිසකට ලබාදී ඇති බවත් එන්නත් මාත‍්‍රා දෙකම ලබාදී ඇති පිරිස කොළඹ දිස්ත‍්‍රික්කයේ සියයට 22.45 ක් (22.45%* ගම්පහ දිස්ත‍්‍රික්කයේ සියයට 19.26 (19.26%* සහ කළුතර දිස්ත‍්‍රික්කයේ සියයට 9.52 ක් (9.52%* බවත් රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසීය.
 
 උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment