ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින කණ්ඩායම

464

ඇෆ්ගනිස්තානය ට එරෙහිව පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරග 2 සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ.

දෙරට අතර මෙම තරගාවලිය හම්බන්තොටදී පැවැත්වෙන අතර පළමු තරගය ජූනි 02 වැනිදා පැවැත්වේ.

එහි විශේෂත්වය වන්නේ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ද මෙම කණ්ඩායමට නම්කර තිබීමය.

නම්කර ඇති ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතය මෙසේය.

දසුන් ශානක – නායක, පැතුම් නිස්සංක ,දිමුත් කරුණාරත්න ,කුසල් මෙන්ඩිස් ,ඇන්ජලෝ මැතිව්ස්
චරිත් අසලංක, ධනංජය ද සිල්වා ,සදීර සමරවික්‍රම, චාමික කරුණාරත්න, දුෂාන් හේමන්ත, වනිඳු හසරංග, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ යන ක්‍රීඩකයින්ය.

advertistmentadvertistment
advertistmentadvertistment