තලේබාන් ත‍්‍රස්ත ආක‍්‍රමණයෙන් මිදී ඇෆ්ගනිස්ථානයෙන් පිටවීමට ඇමෙරිකානු ගුවන් යානයක එල්ලූණු එරට පාපන්දු කී‍්‍රඩකයකු එම ගුවන් යානයෙන් ඇදවැටී මියගොස් ඇත.
මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ ඇෆ්ගනිස්ථාන ජාතික යොවුන් පාපන්දු කණ්ඩායමේ කී‍්‍රඩකයකු වන සැකී අන්වාරිය.
තලේබාන් ත‍්‍රස්තයන් කාබුල් අගනුවර ග‍්‍රහණයට ගැනීමෙන් පසු එරටින් පිටත් වීමට සූදානම් වූ ඇමරිකානු ගුවන් යානයක එල්ලී ඉන් ඇදවැටීමෙන් සැකී අන්වාරි මියගිය බව ඇෆ්ගනිස්ථාන කී‍්‍රඩා සම්මේලනය නිවේදනය කර ඇත.
එම ගුවන් යානයේ එල්ලී හෝ ක්‍ෂේම භූමියක් සොයා ගැනීමට තැත් කළ පිරිස අතර සැකී ද සිට තිබෙනවා. ගුවන් යානය ගුවන් ගත වන විට ඔහු ඉන් ඇද වැටී තිබෙනවා යැයි ද එම නිවේදනයේ දැක්වේ. සැකී අන්වාරි 17 හැවිරිදි වියේ පසුවී ඇත.
|