ඇෆ්ගනිස්ථානයේ ජනමාධ්‍ය හා තොරතුරු මධ්‍යස්ථාන අධ්‍යක්ෂක ඝාතනය කෙරේ

445

ඇෆ්ගනිස්ථානයේ සිටින ප‍්‍රධාන පෙළේ මාධ්‍ය නිලධාරියකු වන එරට ජනමාධ්‍ය හා තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා වන ධවා ඛාන් මෙනපාල් තලිබාන් අන්තවාදීන් විසින් ඊයේ (06දා* කාබුල් අගනුවර දී වෙඩි තබා මරා දමා තිබේ. කාබුල් අගනුවර පිහිටි දරුල් අමාන් මාර්ගයේදී තලිබාන් අන්තවාදී කණ්ඩායමේ තුවක්කුකරුවකු විසින් මෙනපාල්ව වෙඩි තබා මරා දමා ඇත.

 නිරතුරුව ඇෆ්ගන් රජයේ ස්ථාවරය පිළිබඳව ට්විටර් පණිවිඩ හරහා ජනතාව දැනුවත් කිරීමේ නිරත වූ මෙනපාල් හට ඔහුගේ ට්විටර්

 ගිණුමෙහි අනුගාමිකයෝ 142,000 කට අධික සංඛ්‍යාවක් සිටී. මෙම ඝාතනය සිදු වීමට දින කිහිපයකට පෙර තලිබාන් අන්තවාදීහු ඇෆ්ගනිස්ථාන් රජයේ ආරක්ෂක ඇමැතිවරයාගේ නිවස ඉදිරිපිට බෝම්බයක් පුපුරවා හැරීමෙන් 08 දෙනෙකු මරා දමා තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment