ඇෆ්ගනිස්ථානයේ නගර හතරක දරුණු සටන්

322

තලිබාන් අන්තවාදීහු ඊයේ (01දා) වන විට දකුණු හා බටහිර ඇෆ්ගනිස්ථානයේ ප‍්‍රධාන නගර හතරකට ඇතුළු වී එම
 
 නගරවල බලය අල්ලා ගැනීම සඳහා ඇෆ්ගන් රජයේ හමුදා භටයන් සමග දරුණු සටන්වල නිරතව සිටියහ . ”‍හෙරට් ,ලෂ්කාර් ,ගා සහ කන්ඩහාර් ”‍ යන නගර හතරෙහි ප‍්‍රදේශ කිහිපයකට අන්තවාදීන් මේ වන විට ඇතුළු වී රජයේ හමුදාවන් සමග සටන්වල නිරතව සිටින බව වාර්තා වී තිබේ.
 
 ඇෆ්ගනිස්ථානයේ රැුඳී සිටින සියලූ‍ විදෙස් හමුදා භටයන් ලබන සැප්තැම්බර් මාසය වන විට එරටින් ඉවත් වන බව නිවේදනය කිරීමත් සමගම තලිබාන් අන්තවාදීන් රටේ ග‍්‍රාමීය ප‍්‍රදේශ අල්ලා ගැනීම වේගවත් කර තිබේ .පවතින තත්ත්වය යටතේ දරුණු සටන් ඇවිලී තිබෙන නගර හතරෙහි බලය තවත් කොපමණ කාලයක් අල්ලා ගෙන සිටීමට ඇෆ්ගන් රජයේ හමුදාවන්ට හැකිවේද යන්න අවිනිශ්චිත බව විදෙස් මාධ්‍ය පවසයි .මෙම සටන් ඇවිලී ඇති නගරවල වැසියන් දසදහස් ගණනක් අවතැන්ව සිටින බව රජය පවසා තිබේ .මේ වන විට මුලධර්මවාදින් වන ඉස්ලාමීය සටන්කාමීන් විසින් ඇෆ්ගනිස්ථානයේ මුළු භුමි භාගයෙන් හරි අඩක්ම අල්ලා ගෙන ඇත.
 


advertistmentadvertistment