ඇෆ්ගනිස්ථානය ඉනිමක පරාජයෙන් බේරීම සඳහා සටනක

121

ඇෆ්ගනිස්ථාන “ඒ” කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය

සංචාරක ඇෆ්ගනිස්ථාන ‘ඒ‘ කණ්ඩායම සමගින් පැවත්වෙන සිව්දින නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තම දෙවැනි ඉනිම සඳහා කඩුලු 2ක් දැවී ලකුණු 108ක් රැස්කරගෙන සිටියහ.

ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ඉනිමක පරාජයෙන් බේරීම සඳහා තවත් ලකුණු 129 ක් අවශ්‍ය වන අතර ඒ සඳහා කඩුලු අටක් ඔවුන් අතැතිව තිබේ.

පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී රැස් කළ ලකුණු 435 ට පිළිතුරු සැපයීමට පිටියට පැමිණි සංචාරක ක්‍රීඩකයෝ තම ප්‍රථම ඉනිම සියලු දෙනා දැවී ලකුණු 198 කට සීමා වීම හේතුවෙන් පිට පිට දෙවැනි වතාවටත් පන්දුවට පහරදීමට සිදු විය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනුජ සහන් ලකුණු 58 කට කඩුලු 5ක් සහ නිශාන් පීරිස් ලකුණු 37 කට කඩුලු 3ක් දවා ගැනීම කැපී පෙණිනි.

අද (14දා) තරගයේ හතර වැනි දිනයයි.

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment