ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලිය
පාකිස්තානයේ ලාහෝර් නුවරදි පැවැත්වුණු 2025 ශූරයන්ගේ කුසලානයට අදාළ තවත් තරගයකදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම, ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරදා පෙරළිකාර ජයක් ලබාගැනීමට සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මුල් පෙළ පිතිකරුවන් සිය කණ්ඩායමේ වගකීම හරිහැටි ඉටු නොකළත් ඊබ්‍රහිම් සද්‍රාන් එංගලන්තයේ පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළේය.
එහිදී ඊබ්‍රහිම් චැම්පියන් කුසලානයක ක්‍රීඩකයකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ද ලබාගත්තේය. සද්‍රාන් දැවැන්ත ලකුණු 177ක් ලබා ගත්තේ පන්දු 146කට මුහුණ දෙමිනි. ඔහුගේ ලකුණු 177ට හයේ පහරවල් 06ක් සහ හතරේ පහරවල් 12ක් ද ඇතුළත් විය.
තවද හෂ්මතුල්ලා ෂහිස් ලකුණු 40ක් ද මොහොමඩ් නබී ලකුණු 40ක් ද ඔමර් සායි ලකුණු 41ක් ද සමග ඇෆ්ගන් ලකුණු පුවරුව ලකුණු 325ක් දක්වා ඔසවා තැබීමට සමත් වූහ. කඩුලු ලබාගැනීමේදී එංගලන්තය වෙනුවෙන් ජෙෆ්රා ආචර් කඩුලු 05ක් ද ලිවින්ග්ස්ටන් කඩුලු 02ක් ද රෂීඩ් එක් කඩුල්ලක් ද ලබා ගත්හ.
එංගලන්තයට හිමි වූ දැවැන්ත ඉලක්කය හඹා ගිය එංගලන්ත පිතිකරුවන්ට පන්දුවාර 50 අවසානයේ ලබාගත හැකිවූයේ ලකුණු 317ක් පමණි. එංගලන්තය වෙනුවෙන් සුපිරි ඉනිමක් දියත් කළ ජෝ රූට් ලකුණු 120ක් ලබාගත්තත් ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.
ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් අෂ්මතුල්ලා ඔමර්සායි කඩුලු 05ක් ලබාගත් අතර මොහොමඩ් නබී කඩුලු 02ක් ලබාගත්හ.
ඇෆ්ගන් ක්‍රීඩකයෝ ඒ අනුව සිය ස්ථානය තහවුරු කරගනිමින් චැම්පියන් කුසලානයෙහි දිගටම රැඳී සිටීමට අවස්ථාව උදාවිය. කෙසේ වෙතත් ප්‍රබල එංගලන්තය තරගාවලියෙන් එළියට විසිවුණු අතර තරගයේ වීරයා සම්මානය සද්‍රාන් දිනාගත්තේය.
සුසිල් ජයකොඩි
සංස්කරණය – සුසිල් ජයකොඩි