ඉංග්‍රීසි ඕඩයට අයත් උතුරු ප්‍රංශ වෙරළබඩ තිරයේදී සංක්‍රමණිකයන් රැගත් කුඩා බෝට්ටුවක් පෙරේදා (03) පෙරළී යෑම හේතුවෙන් එහි ගමන් ගත් සංක්‍රමණිකයන් 12 දෙනෙකු මියගොස් ඇති අතර බෝට්ටුවේ සිට මුහුදට වැටුණු සංක්‍රමණිකයන් 53 දෙනකු ජීවිතාරක්ෂක භටයන් විසින් බේරාගත් බව ප්‍රංශ බලධාරීන් විසින් නිවේදනය කර තිබේ. මියගොස් ඇති 12 දෙනාගෙන් 10 දෙනකු කාන්තාවන් වන අතර එක් අයකු ගැබිනි කාන්තාවක් බවත් මිය ගිය පිරිසෙන් 06 දෙනකු ළමුන් බව අනාවරණය වී තිබේ. පෙරළුණු බෝට්ටුවේ සිට මුහුදට වැටී සිටියදී බේරා ගැනුණු 53 දෙනාගෙන් වැඩි දෙනකු හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන අසාධ්‍ය තත්ත්වයක පසුවන බව විදෙස් මාධ්‍ය පවසයි.
ප්‍රංශ බලධාරීන්ට අනුව පෙරළී ගොස් ඇති සංක්‍රමණික බෝට්ටුවේ ගමන් කළ පිරිස ඊසාන දිග අප්‍රිකානු රාජ්‍යයක් වන ‘එරිටි්රයා’ රාජ්‍යයේ වැසියන් මෙන් පෙනී ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් බලධාරීන් ස්ථිර යමක් ප්‍රකාශ කර නොමැත. අනතුරට පත් බෝට්ටුවේ සිටි පිරිස සොයා සිදු කෙරෙන මෙහෙයුම සඳහා හෙලිකොප්ටර් යානා තුනක්, ධීවර බෝට්ටු දෙකක් හා වෙනත් බෝට්ටු දෙකක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.