ඉංග්‍රීසීන් විසින් මරණයට පත් කළ හෙන්රි පේද්‍රිස්ට රනිල්ගෙන් ජනාධිපති සමාව

99

මීට වසර 109කට පෙර මෙරට සිටි බි්‍රතාන්‍ය පාලකයන් විසින් අසාධාරණ නඩු විභාගයකින් මරණයට පත් කරනු ලැබූ කපිතාන් දියුණුගේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාට මරණින් පසු ජනාධිපති සමාව ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(ඌ) ව්‍යවස්ථාව ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් මෙම ජනාධිපති සමාව ප්‍රකාශයට පත් කර ඇත.

එම අති විශේෂ ගැසට් නිවේදනය පසුගිය 12දා නිකුත් කෙරිණි. එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ රොබට් චාමස් විසින් 1915 ජුනි 25 දින නිකුත් කරන ලද ප්‍රකාශයක් මඟින් පත් කරනු ලැබූ යුද අධිකරණයකින් සිදුකළ අසාධාරණ නඩු විභාගයකින් පසු 1915 ජූලි 07 වැනිදා කපිතාන් දියුණුගේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතා නීති විරෝධී ලෙස මරණයට පත් කෙරිණි. කපිතාන් දියුණුගේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාට මරණින් පසු ජනාධිපති සමාව පිරිනමන බව මෙම ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. 1888 අගෝස්තු 16 දා ගාල්ලේදී උපත ලැබූ හෙන්රි පේද්‍රිස් මහතා බි්‍රතාන්‍ය පාලන සමයේ ලංකාවේ විසූ ප්‍රමුඛ පෙළේ සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම ලංකා ආරක්ෂක හමුදාවේ සහ කොළඹ නගරාරක්ෂක බළකායේ සේවය කළ කපිතාන් නිලයක් හෙබවූ හමුදා නිලධාරියකු ද විය. බි්‍රතාන්‍ය නිලධාරීන් විසින් 1915 ජාතිවාදී කලබල ඇති කිරීමට පෙළඹවීම වෙනුවෙන් චෝදනා එල්ල කර ඔහු ඝාතනය කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment