යතුරුපැදි කොටස් වශයෙන් විදෙස් රටවලින් මෙරටට ආනයනය කර එකලස් කරන ලද අධි එන්ජින් ධාරිතාව සහිත යතුරුපැදි 06 ක් සන්තකයේ තබාගත් සැකකරුවන් දෙදෙනාව සහ එම යතුරුපැදි 06 ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන වැලිවේරිය පොලිසියට භාරදීමෙන් අනතුරුව ගම්පහ මහෙස්ත්රාත් මංජුල කරුණාරත්න මහතා හමුවට ඊයේ (22 දා) ඉදිරිපත් කෙරුණි.
සැකකරුවන් දෙදෙනාව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇපමත මුදා හැරුණි.
මෙම යතුරුපැදි 06 පරීක්ෂාවට ලක්කර ඒ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ලබාදෙන ලෙසද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත අධිකරණයෙන් නියෝගයක් නිකුත් කෙරුණි. වැලිවේරිය පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ සැරයන් සිසිර කුමාර (950) නිලධාරියා අධිකරණයෙන් කළ ඉල්ලීම මත එසේ නියෝග නිකුත් කෙරුණි.
බී.එම්.ඩබ්. වර්ගයේ යතුරු පැදි 03 ක් සහ ඩුකාමි වර්ගයේ යතුරු පැදි 03 ක් සමග සැකකරුවන් දෙදෙනාව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්ර.පො.ප. කෝසල ලියනආරච්චි, උ.පො.ප. වරුන් වන මධුරංග විජේසූරිය සහ උදය ශාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වැලිවේරිය පොලිසියට භාර දී තිබූ බවට අධිකරණයේදී සඳහන් විය. නඩුව නැවත ජනවාරි මස 05 වෙනිදාට කැදවීමට නියම කෙරුණි.
මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක