සෑම දෙමාපියකුගේම මූලික පරමාර්ථය තම දරුවන්ට හොඳින් ඉගැන්වීමය. ඒ සඳහා ඔවුන් තම මුළු සේසතම වුව වියදම් කිරීමට සූදානම්ය. තමුනට වඩා එක් අඩියක් හෝ දරුවන් ඉහළට ඔසවා තැබීම ඔවුනගේ අරමුණය.
දෙමාපියන් එසේ උත්සාහ ගත්තද ඇතැම්විට දරුවන් තුළ අධ්‍යාපනයට ඇති ඇල්ම අඩු වී තිබිය හැකිය. අප වෙත පැමිණෙන බොහෝ දෙමාපියන් පවසන්නේ අනේ වෛiතුමනි අපේ දරුවා හරි උදාසීනයි. ඉගෙනීමට කිසිම කැමැත්තක් නැහැ. පාඩම් කරන දෙය මතක හිටින් නැහැ කියා පවසනවා වැනි අඳෝනාවන්ය.
දරුවන් ඉගෙනුමට උදාසීන වීම
යම් දරුවෙක් ඉගෙනුමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැත්නම් පොත පත පාඩම් කරන්නට මැළිකමක් දක්වනවා නම් දෙමාපියන් ඒ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුය.
ඇතැම් දරුවන් ඉගෙනුමට කැමැත්තක් දැක්වුවද ඒ සඳහා උත්සාහගත්තද එය නිසි ලෙස කරගැනීමට නොහැකි වේ. ඒ සඳහා විවිධ බාධාවන් මතු වේ.
අනේ වෛද්‍යතුමනි අපේ දරුවට හොඳට ඉගෙන ගන්න පුළුවන් පොත්පත් පාඩම් කිරීමටත් උනන්දුයි ඒත් මතක හිටින්නේ නැහැ කියනවා. විභාගයට පුදුම බයකින් පසුවන්නේ. සමහර දෙමාපියෝ අප වෙත පැමිණ පවසති.
ඇබ්බැහිවීම්
මේ පිළිබඳව අප මනෝවිද්‍යාත්මකව අවධානය යොමු කළ විට හෙළිවන්නේ මෙලෙස පොතේපතේ දැනුම මතක නොසිටින්නට හේතුව ඔවුන් තුළ පවතින විවිධ ඇබ්බැහිවීම් බවය. විශේෂයෙන් වර්තමානයේ පාසල් දරුවන්ට ජංගම දුරකථනය සහ පරිගණකය අධ්‍යාපන කටයුතු සඳහා භාවිතා කිරීමට සිදුව තිබේ. බොහෝ දරුවන් එය අධ්‍යාපන කටයුතුවලට භාවිතා කරනු වෙනුවට විවිධ විනෝද ක්‍රීඩා සඳහා සහ ලිංගික ආස්වාදය ලබාදෙන කටයුතු සඳහා යොදාගෙන තිබේ. මෙවැනි ක්‍රියාවනට තරුණ මතය ඉතා ඉක්මනින් ඇබ්බැහි වේ. අධ්‍යාපන කටයුතු වැනි මනස වෙහෙස කර කටයුතුවලට වඩා විනෝදය සහ ආශ්වාදය ගෙන දෙන කටයුතු සඳහා මනසද ඉතා ඉක්මනින් ප්‍රතිචාර දක්වයි.
පවුල් පසුබිම
මීට අමතරව තමා ජීවත්වන පරිසරයේ පවතින මනසට පීඩාගෙන දෙන ක්‍රියාවන්ද අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති කරවයි. එනම් දෙමාපියන් නිතර රණ්ඩු සරුවල් වේ නම්, පියා මත්පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටී නම් දරුවන්ගේ මනසට පීඩාවක් ඇති කරයි.
නොපෙනෙන බලවේග
මීට අමතරව අධ්‍යාපනයට ඉතා දක්ෂ දරුවන් විභාගය සඳහා දැඩි බියකින් පසුවේ. විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ ලබාගනු ඇතැයි විශ්වාස කරන දරුවනට ඒ සඳහා පෙනී සිටීමට නොහැකි වේ. ඇතැම් දරුවනට විභාගය අතරමඟ විවිධ මානසික පීඩාවන් මතු වේ. මේ සඳහා විවිධ අමනුෂ්‍ය දෝෂ බලපාන බවත් නොපෙනෙන බලවේගවල බලපෑම් මතුව ඇති බවත් හෙළි වී ඇත.
මෝහන ප්‍රතිකාර
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා බලපා ඇති මානසික පීඩාවන් සඳහා ඇති සාර්ථකම ප්‍රතිකාරය මෝහන ප්‍රතිකාරය බව හඳුනාගෙන ඇත. මේ සඳහා යන්ත්‍ර මන්ත්‍ර, බලිතොවිල් කිරීම හෝ සුර දැමීම, නූල් පැන්නවීම ආදී කටයුතු වෙනුවට දරුවාට බලපා ඇති මානසික පීඩනයට හේතුව මෝහන ප්‍රතිකාර මගින් හඳුනාගෙන එය සුවපත් කළ හැකිය.
එබැවින් විවිධ ඖෂධ වර්ග භාවිතා කරමින් දීර්ඝ කාලයක් පීඩාවිඳීමට අවශ්‍ය නැත. මෝහන ප්‍රතිකාරය මගින් දරුවන්ගේ බිඳවැටී ඇති මානසික ශක්තිය නැවත නඟාසිටුවිය හැකිය. එවිට විභාගවලට ඇතිබිය, පොත්පත් පාඩම් කිරීමේදී ඇතිවන අලස බව, මතක ශක්තියේ පවතින දුර්වලතා, විභාගයක් ළං වනවිට මතුවන බඩේ කැක්කුම්, නින්ද නොයෑම, නොසන්සුන්තාවයන් මෝහන ප්‍රතිකාර මගින් සාර්ථකව සුවපත් කළ හැකිය.
වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 0773855910/ 0714166190 ඇමැතිය හැකිය.
බස්නාහිර පළාත් මෝහන විද්‍යාවේදීන්ගේ
සංගමයේ සභාපති
මනෝ වෛද්‍ය උපදේශක
වෛද්‍ය ගුණසේකර මුදලිගේ