ඉඩම් ආරවුලකට වෙඩිල්ලක් පත්තු වෙයි

229

කඩවත ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ දී සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රාගම රෝහල වෙත ඇතුළත් කර තිබේ.වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ කඩවත සූරියපාළුව ප්‍රදෙශයේ පදිංචිව සිටි 50 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.පොලීසිය පවසන්නේ මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ සහෝදරයෙකු, සහෝදරයාගේ පුත්‍රයා සහ තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවය.පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් මෙම වෙඩිතැබීම සිදුව ඇත බවය.


advertistmentadvertistment