ඉඩම් ආරවුලක් ඇවිස්සී මුනුබුරාගේ පිහිපහරින් අත්තම්මා එතැනමයි

199

නිවස අසල අතුරුු මාර්ගයේ සිය දහස් වාරයක් ඇවිද යමින් ඇකයේ උකුලේ හොවා ගෙන නැලවිලි ගී ගයමින් සුරතල් කරමින් පණ මෙන් ආදරය කර හදා වඩා ගත් සිය මුනුබුරාගේම අතින් පිහි පහර කෑමකට ලක්ව ඒ මාර්ගයේම ඇද වැටී මියැදෙන්නට තරම් අවසනාවන්ත වූ මිත්තනියකගේ ශෝකජනක මරණයක් පිළිබඳ වැලිවේරිය පොලිසියෙන් සැලවුණි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ කුඩුමිරිස්ස ලන්දවත්ත, නැදුන්ගමුව යන ලිපිනයේ පදිංචිව සිටි ඒ. එමලින් නෝනා නමැති හැත්තෑහතර හැවිරිදි කාන්තාවකි. ඇයට පහර දී මරා දමා ඇතැයි සැකකරනුයේ ඇගේ මුනුබුරා වන ජගත් රෝහාන් නමැති තිස්අට හැවිරිදි අවිවාහක තරුණයෙකි. මියගිය අයගේ දියණියක වන කාන්ති පෙරේරා වන අය ගම්පහ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පැවැතී මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් මගේ අම්මගෙයි පුතාගෙයි ඉඩම් ආරවුලක් නිසා ඇතිවූ රණ්ඩුවක් දිගු කලක පටන් තිබුණා. එදිනත් උදේ සිටම අපේ අම්මයි මගේ පුතාගෙයි ඒ රණ්ඩුව යළි ඇතිව තිබුණා. සවසත් රණ්ඩුව තිබුණා. පසුව ඉස්තෝපුවේ අම්ම ඉන්දැද්දී පුතා අම්මට පුටුවකින් දමා ගැසුවා. වෙලාව තුනහ මාරට පමණ ඇති. මම ඒ දෙන්නව බේරන්න උත්සාහ කළා. ඒ වෙලාවේ අම්මා ගේ ඉස්සරහ පාරට දිව ගියා. පුතාත් පස්සෙන් දිව ගියා. පසුව අම්මා පාර මැද මැරී වැටී සිටියා. මෙම මරණ පරීක්ෂණය අධිකරණ වෙද්‍ය නිලධාරි එම්.එම්.ඒ.සී.ගුණතිලක මහතා යටතේ (18) දින ගම්පහ රෝහලේ පැවති අතර පොලිස් පරීක්ෂණ වැලිවේරිය පොලීසියේ සැරයන් 55417 කමල් ශාන්තප‍්‍රිය මහතා මෙහෙයවීය.

වැලිවේරිය විශේෂ ලක්ෂ්මන් පයාගල චන්න විජයනාම වැලිවේරිය විශේෂ
 

advertistmentadvertistment
advertistmentadvertistment