සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් ඉතාලියේ දකුණු වෙරළබඩ තීරයේදී අනතුරට පත් වීමෙන් ඒවායේ ගමන් ගත් 11 දෙනකු මිය ගොස් ඇති අතර තවත් 64 දෙනකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ. මෙසේ අනතුරට පත්ව ඇති බෝට්ටු දෙකෙන් එකක සිර වී සිටි සංක්‍රමණිකයන් 51 දෙනකු ජර්මානු සුබසාධන ආයතනයක් වන “රෙස්ක්ෂිප්” ආයතනයේ සේවකයන් විසින් බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම අනතුරට පත් බෝට්ටුවල සිටියදී අතුරුදන්ව සිටින පිරිසෙන් 26 දෙනකු කුඩා ළමුන් බව අනාවරණය වී තිබේ.
අනතුරට පත් බෝට්ටු මගින් ලිබියාවේ හා තුර්කියේ සිට සංක්‍රමණිකයන් රැගෙන ඉතාලිය දෙසට පැමිණීමේදී අනතුරට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. වසර 2014 සිට මේ දක්වා සංක්‍රමණිකයන් 23,500ක් පමණ දෙනා බෝට්ටු මගින් ගමන්කිරීමේදී මිය ගොස් හෝ අතුරුදන්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.