ඉතාලියේ සිට පන්ජාබයට පැමිණි ගුවන් යානයක 125කට කොරෝනා

334

ඉතාලියේ මිලාන් නගරයේ සිට උතුරු ඉන්දීය ප‍්‍රාන්තයක් වන පන්ජාබ් ප‍්‍රාන්තයේ අම්රිත්සාර් නගරය වෙත පැමිණි ගුවන් යානයක සිටි මගීන් 125 දෙනකුම කොරෝනා ආසාදිතයන් බව පරීක්ෂණවලදී අනාවරණය වීම නිසා ඔවුන් නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

මෙම ගුවන් යානයේ සිටි ගුවන් මගීන් 179 දෙනාගෙන් කුඩා ළමුන් හැර 160 දෙනෙකු සඳහා කොරෝනා පරීක්ෂණ සිදු කර ඇති අතර ඔවුන් අතුරින් 125දෙනකු මෙසේ කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී තිබේ. මෙම ආසාදිතයන් පිරිස ගෙන යෑම සඳහා රෝහල් ගිලන් රථ ගුවන් තොටුපළට කැඳවා තිබිණි.

විදෙස් පුවත් සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment