ඉතාලියේ රැකියාව කර දින කීපයකට උඩ දී මෙරටට පැමිණි ශ්‍රී ලාංකික දෙදරු මවක මාවතගම පිලැස්ස ප්‍රදේශයේ නිවසක දී තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් මාවතගම පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පෙරේදා (06 දා) රාත්‍රි කාලයේ මෙම ඝාතනය සිදුව තිබූ අතර ඝාතනයට ලක්ව තිබුණේ මාරි රූඩි පෙරේරා නමැති (62) හැවිරිදි කාන්තාවකි.
ඇයගේ ගෙල ප්‍රදේශයට පිහියක් වැනි තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබූ බවද පොලිසිය පවසයි.
මැයගේ පුතුන් දෙදෙනා ද ඉතාලියේ වාසය කරන බවත් මැය එහි හිඳ රැකියාවක් කරමින් සිට ඇති බවත් පසුගිය 30 වැනිදා කෙටි නිවාඩුවකට මෙරටට පැමිණ ඇති බවත් හෙළිවිතැයි පොලිසිය පවසයි.
මැය රැඳී සිටි නිවසේ ආරක්ෂාවට මුරකරුවකු ද සිට ඇති බවත් ඔහු පෙරේදා (06 වැනිදා) සිය නිවෙස බලා ගිය පසු මෙම ඝාතනය සිදුව ඇති බව හෙළි වූ බවත් පොලිසිය කියයි.
ඝාතනයට හේතුව මෙතෙක් හෙළි නොවූ බවත් ඝාතකයා සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති බවත් ඒ අනුව ඔහු අද හෙට අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවත් පොලිසිය පවසයි.
මේ පිළිබඳව මාවතගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්