ඉතාලිය යුරෝ පාපන්දුව දිනයි

100

2020 යුරෝපා පාපන්දු කුසලානය දිනාගැනීමට ඉතාලිය ඊයේ (11) රාත්‍රීයේ සමත්විය.

එංගලන්තයේ වෙබ්ලි ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරඟයේ දී ඉතාලිය වෙතින් පරාජයට පත්වුණේ සත්කාරක එංගලන්ත කණ්ඩායමටය.

තරඟයේ නියමිත කාලය තුළ කණ්ඩායම් දෙකම ගෝලය බැගින් ලබාගැනීම හේතුවෙන් දඬුවම් පහර මඟින් ජයග්‍රහණය තීරණය කිරීමට සිදුවිණි.

ඒ අනුව ඉතාලිය ගෝල 03-02ක් ලෙස ජය අත්කර ගනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment